සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 270
ඉඳුරු
1.නා.ප්ර. ඉන්ද්රදෙවි; සක්දෙවි.
2. නා.ප්ර. නැගෙනහිර දිශාව; පෙරදිග.
3. නා.ප්ර. ප්රධානයා; අධිපතියා; රජ.
4. නා.ප්ර. සූර්යයා; හිරු.
5. නා.ප්ර. විජ්ජාකාරයා; ඉන්ද්රජාලිකයා.
ඉඳුරු දිග
නා. නැගෙනහිර දිශාව.
ඉඳුරු පස
නා. සම්ප්රයුක්ත ධර්මයන්ගේ ඉපදීමට හා පැවැත්මට අධිපතිභාවයෙන් උපකාරවන ඉන්ද්රිය; ඉන්ද්රිය ප්රත්යය.
ඉඳුරු පැහැය
නා. නැගෙනහිර දිශාවෙන් එන ආලෝකය.
ඉඳුරුදික්පති
නා.ප්ර. ඉන්ද්ර දිශාවට අධිපති දෙවි; ඉන්ද්රයා; ශක්ර දේවේන්ද්රයා.
ඉඳුරුසැව්
නා.ප්ර. ඉන්ද්රචාපය.
ඉඳුල්
1. නා.ප්ර. කෑමෙන් හා බීමෙන් පසු ඒ භාජනයේ ම ඉතුරු වූ ආහාරපාන කොටස; අපවිත්ර වූ දෙය; අතපත ගෑ ආහාරය.
2. (කථා.) නා.ප්ර. ළදරුවකුට ප්රථම වරට දෙන බත්.
ඉඳුල් කටගෑම
(කථා.) නා. කුඩා දරුවන්ට නැකතට බත් කැවීම; අන්නප්රාශනය.
ඉඳුල් වැටිය
නා. තොල.
ඉඳුල්උළු
නා.ප්ර. කෑමෙන් පසු පතෙහි ඉතිරිවන බත් ඇට.
ඉඳුල්කඩ
නා.ප්ර. ආහාර අනුභව කරන විට ඉඳුල් ආදිය නොවැටීම සඳහා ඇඳිවත මත එළා ගන්නා රෙදි කැබැල්ල; ආහාර අනුභවයෙන් පසු අත කට පිස ගැන්මට ගැනෙන රෙදි කැබැල්ල; අත් පිස්නාකඩය.
ඉඳුල්පා
නා.ප්ර. (ඉඳුල් සහිත පාත්රය යනු වාච්යාර්ථයි) ආහාර අනුභවය සඳහා පාවිච්චි කොට නොසේදූ පාත්රය.
ඉඳුවර
නා.ප්ර. නිලුපුල්; නිල්මානෙල්.
ඉඳුසැව්
නා.ප්ර. දේදුන්න; ඉන්ද්රචාපය.
ඉඳුසෙණ
නා.ප්ර. (ඉන්ද්ර දෙවියාගේ සෙණය යනු වාච්යාර්ථයි) සෙණය.
ඉපනැල්ල
1. නා. කරල් කපා ගත් පසු ගොයමෙහි ඉතිරි වන කොටස.
2. නා. අලුත ගොයම් කැපූ කුඹුර නොහොත් කුඹුරේ පාර්ශ්වය.
ඉපනැලි යන්ත්රය
(පාරිභා.) නා. විල්ලුදවල බූවට වඩා දිග බූවක් ඇති කපු රෙදි හෝ සේද රෙදි හෝ වියන යන්ත්රය (=plush loom).
ඉපල
නා. කොළ හැළුණු අත්ත; වියළි අත්ත; කෝටුව.
ඉපල් බානවා
(කථා.) ක්රි. ඉපලෙන් තළනවා; කෝටුවකින් ගහනවා.
ඉපහත
(පාරිභා.) නා. ගඟකට සිය පත්ල හෑරීමට හැකි පහත් ම මට්ටම (=base level).
ඉපැයුම්
(පාරිභා.) නා.ප්ර. හම්බ කරන දේ; උපයනු ලබන දෙය (=earnings).
ඉපැයුම්වත්කම්
(පාරිභා.) නා.ප්ර. උපයාගන්නා වස්තුව (=earning assets).
ඉපිණි
1. වි. ඉතා පියකරු.
2. වි. ඉතා මිහිරි.
ඉපිය
1. (කථා.) නා. දිය මත පාවෙන සේ බිළී ලණුවෙහි හෝ දැලෙහි හෝ බැඳි සැහැල්ලු ලී කැබැල්ල; බෝයාව.
2. නා. දොර අල්මාරි ආදියේ ඇති ලී අගුළ; උගුලක ඇති අගුළක් වැනි කොටස.
3. නා. වෑල්වයක පියන්පත.
4. නා. සියුම් නාදය උපදවනු සඳහා නළාවක සවි කරන ලද තුනී යතුර.
5. නා. කුරක්කන් වැනි බීජවල පිට පොත්ත.