සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 272

ඉම් වේල්ල

නා. කුඹුරක මායිමෙහි උසට තනනු ලබන වේල්ල හෙවත් පස් කණ්ඩිය; මායිම් වේල්ල.

ඉම් හිස

නා. සීමාව; මායිම.

ඉම්පෙටිගෝ

(පාරිභා.) නා.ප්‍ර. සැරව සාදන බැක්ටීරියා ආසාදනය වීමෙන් ප්‍රධාන වශයෙන් මුහුණෙහි හා අත්වල වැලඳෙන රෝගයක් (=impetigo ).

ඉමිටේෂන්

වි. ව්‍යාජ; තථ්‍ය නොවූ; අනුකරණය කළ; බාහිර ඔපය පමණක් ඇති.

ඉමිහිරි

වි. ඉතා මිහිරි; බෙහෙවින් මධුර; අතිප්‍රණීත වූ.

ඉඹිනවා

ක්‍රි. සිප ගන්නවා; චුම්බනය කරනවා; සිඹිනවා; ආඝ්‍රාණය කරනවා.

ඉඹුල්

නා. පුලුන් සහිත ගෙඩි හටගන්නා ගසක නම; කටු ඉඹුල්; සිම්බලී.

ඉඹුල් වනය

1. නා. ඉඹුල් ගස් බහුල වූ වනය ;මෙය ගරුඬයින්ගේ වාස භවනය ලෙස කියැවේ.
2. නා. නිරයක නාමය.

ඉය

නා. දුන්නෙන් විදිනු ලබන උලක් සහිත අවිය; ඊතලය; ශරය; ඊය.

ඉයත්තුව

1. (කථා.) නා. වැස්ස, සුළඟ, රශ්මිය ආදි එදිනෙදා කාලගුණය.
2. නා. කෙනකු සිටින හෝ යමක් පිහිටි ස්ථානය පිළිබඳ ඔත්තුව හෝ තොරතුර; ඉසව්ව.

ඉයනම්

1. (කථා.) නා.ප්‍ර. ආයුධය; මෙවලම.
2. නා.ප්‍ර. හූනියම; කොඩිවිනය.

ඉයන්දුඹුල්

(කථා.) නා.ප්‍ර. දුම් මැස්සක යටි පැත්තේ දුම් ගැසීමෙන් සෑදෙන කළු පැහැති ද්‍රව්‍යය; දුමෙහි බැඳෙන දුඹුටු.

ඉයවුර

නා. ඊතල දමන කොපුව.

ඉයොසිනොපිල්

නා.ප්‍ර. සුදු රුධිරාණුව ; ශ්වේත සෛලය (=eosinophil).

ඉයෝලිතික

(පාරිභා.) වි. පුරා ශිලා සමයට හෙවත් පේලියෝලිතික සමයට පූර්වයෙහි වූ කාල පරිච්ඡේදයට අයත්(=eolithic).

ඉයෝසික

(පාරිභා.) වි. සත්ත්ව ජීවීන් මුලින් ම සිටි සමයට හෝ එම පාෂාණ ස්තරවලට හෝ සම්බන්ධ (=eozoic).

ඉයෝසීන

(පාරිභා.) නා.ප්‍ර. තෘතීයක යුගයේ පැරණිතම කොටසට අයත් පාෂාණ වර්ග (=eocene).

ඉර

1. නා. සුර්යයා; දිනකර.
2. නා. රේඛාව; වයිරම; පෙළ.
3. නා. කොස් මදුල වටා එය බදා පවතින හීන් තීරුව; කොස් ඉර.
4. නා. පොල් බෑයකින් කපා ගත් හීන් පොල් මද තීරුව.
5. නා. බදු මුදල; බද්ද.

ඉර නඟනවා

ක්‍රි. ඉර උදාවන තෙක් බලා සිටිනවා.

ඉර මඬල

නා. සූර්ය මණ්ඩලය; හිරු.

ඉර වල්ල

නා. කුඹුරක හෝ හේනක බෙදූ කොටස.

ඉර සේවය

නා. ශ්‍රීපාද කඳු මුදුනෙහි දී දක්නා ලැබෙන උදාවන හිරු හා සම්බන්ධ වූ චංචල ස්වභාවය.

ඉරගල වැටෙනවා

ක්‍රි. හිරු අවරට යනවා; ඉර බහිනවා.

ඉරට වාටිය

නා. රෙද්දක නූල් ගැළවී යෑම වැළැක්වීම පිණිස වියන ලද වාටිය හෙවත් අයින; බල වාටිය.

ඉරට්ටය

නා. දෙක; යුග්මය; දෙකෙන් බෙදූවිට ඉතිරියක් නො දක්වන සංඛ්‍යාව.