සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 353
එකතපත්
වි. එක ම ආතපත්රයක් යටතෙහි වූ; එක රජකුගේ පාලනයට යටත්; ඒකාතපත්ර.
එකත් එකට
ක්රි.වි. නිශ්චය වශයෙන්; සහතික වශයෙන්.
එකත් කරනවා
1. ක්රි.වි. ඒකාන්ත කරනවා; නියත කරනවා.
2. ක්රි.වි. එක් කරනවා; පිඬු කරනවා.
එකත් වෙනවා
ක්රි. එක අභිප්රායෙන් යුක්ත වෙනවා; සහයෝගි වෙනවා.
එකත්පස
නා. එක් පැත්ත; එක් අංශය.
එකත්පස්ව සිටිනවා
ක්රි. පසෙකට වී; පැත්තකට වී ගරුසරු ව සිටිනවා; උත්තමයකුට ගෞරව පිණිස සවැදෑරුම් දොසින් තොර ව ඉන්නවා.
එකත්මුව
වි. එක පැත්තක මුවාත ඇති.
එකත්සරු කරනවා
[එක් + අත්සරු කරනවා]
ක්රි. (අතෙහි) සුරක්ෂිත කරනවා; හස්තසාර කරගන්නවා; ස්ථාවර කරගන්නවා.
එකතැන් කරනවා
ක්රි. එක් ස්ථානයකට කරනවා; එක්කාසු කරනවා; එකතු කරනවා; රැස් කරනවා.
එකතැන් වෙනවා
1. ක්රි. එක ස්ථානයකට රැස් වෙනවා; එක්කාසු වෙනවා; ගොඩ ගැසෙනවා.
2. ක්රි. ඔත්පල වෙනවා; ලෙඩ වෙනවා; ඇඳට වෙනවා.
එකතු
වි. සම්බන්ධ; එක්සත්; මිතුරු.
එකතු කරනවා
1. ක්රි. සම්බන්ධ කරනවා; මිශ්ර කරනවා.
2. ක්රි. රැස් කරනවා; ඒකරාශි කරනවා.
3. (පාරිභා.) ක්රි. ගණන් එක් කරනවා; එකතූ කරනවා; ඓක්යය සොයනවා.
එකතු ලක්ෂය
(පාරිභා.) නා. පරිගණක යතුරු ලියනය කිරීමේ දී ඊළඟට යතුරුලියනය කළ යුතු අක්ෂරය පිහිටන ස්ථානය දක්වන සිරස් අතට පිහිටි රේඛාව; කර්සරය (=cursor).
එකතු වෙනවා
1. ක්රි. සම්බන්ධ වෙනවා; එක් වෙනවා.
2. ක්රි. රැස් වෙනවා; ඒකරාශි වෙනවා.
එකතුරු
වි. එකක් වැඩි; එකකින් වැඩි; ඒකෝත්තර.
එකතුරු පට
නා. ඇඳි වත බොකු ගැසෙන සේ එක් කොට සාදා ගත් රෙදිපොට හෝ රැල්ල; ඔඩොක්කුව; උත්සංගය.
එකතුල
වි. ඒකාකාර; අතිශයින් සමාන; එක්වැනි.
එකතුව
1. නා. සම්බන්ධකම; එක්සත්කම; මිත්රත්වය.
2. නා. සමූහය; සංග්රහය.
3. (පාරිභා.) නා. එකතු කිරීමෙන් ලැබෙන ප්රතිඵලය; මුළු ගණන; ඓක්යය.
එකන්දම්
[එක් + අන්දම්]
වි. එක ම ආකාර ඇති.
එකනෑයෝ
නා.බහු. ලේ නෑයෝ; අවශ්ය නෑයෝ.
එකපණ
වි. ස්වකීය ප්රාණය වැනි වූ; තමන්ගේ ප්රාණය හා සමාන වූ.
එකපතේ කනවා
(කථා.) ක්රි. දැඩි විශ්වාසකම් පවත්වනවා.
එකපා විමන
නා. එක් ටැඹක් හෝ කණුවක් මත ඉදි කළ ගෘහය.
එකපැතිර
ක්රි.වි. එකට ව්යාප්තව; එක් ව; එකට; එකවර.