සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 456
කාබනික අම්ලය
(පාරිභා.) නා. භස්මයකට ප්‍රෝටෝනයක් දීමට හැකියාවක් තිබෙන්නා වූ කාබනික සංයෝගයක් (=organic acid).
කාබනේට්
(පාරිභා.) නා.ප්‍ර. කාබනික අම්ලයේ ද්විසංයුජ අම්ල ඛණ්ඩකය.
කාබයිඩ්
(පාරිභා.) නා.ප්‍ර. යකඩවල සහ වානේවල ඇති අනිකුත් මූලද්‍රව්‍ය සමග කාබන් එක් වීමෙන් සෑදෙන සංයෝග.
කාබහන
නා. කය බහනය; කාය බන්ධනය; පටිය; කහබහන.
කාබාසිනියා
නා.ප්‍ර. සුන් කිරීම; විනාශය; නාස්තිය.
කාබියුරේටරය
(පාරිභා.) නා. එන්ජිමක් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය දාහ්‍ය මිශ්‍රණයක් සෑදෙන පරිදි නියමිත ප්‍රමාණයෙන් වාතය ද වාෂ්පශීල ඉන්ධනයක් ද මිශ්‍ර කරන උපකරණය (=carburettor).
කාම චේතනාව
නා. කාම සහගත සිතුවිල්ල; ආශාවන් ඉටු කර ගැනීමට සිතීම.
කාම දාහය
නා. කාම නැමැති ගින්න; කාමය නිසා සිත කය දෙකෙහි ඇතිවන බලවත් සන්තාපය.
කාම දේවයා
නා. කාමයට අධිපති දෙවියා; අනංගයා.
කාම ධේනුව
නා. දෙව්ලොව වසමින් සිතූ පැතූ දේ දෙතැයි සලකනු ලබන ගව ධේනුවක්; සුරභිධේනුව.
කාම පාශය
නා. කාමය නමැති මලපුඩුව.
කාම පුරුෂයා
නා. කාමී පුද්ගලයා.
කාම බන්ධනය
නා. කාමයෙන් බැඳීම; කාමය නමැති බැම්ම.
කාම භවය
නා. (අභි.) මිනිස් ලොව, සදෙව් ලොව හා සතර අපාය යන එකොළොස් වැදෑරුම් උත්පත්ති ස්ථාන.
කාම රාගය
නා. (අභි.) වස්තු කාමයෙහි ඇලීම; කාමච්ඡන්දය.
කාම රූපය
නා. අභිමත පරිදි මවා ගන්නා රූපය; කැමති වේශය.
කාම ශාස්ත්‍රය
නා. කම්සැප විඳීම පිළිබඳ විද්‍යාව; ලිංගික කාර්ය ආදිය විස්තර කරන ශාස්ත්‍රය.
කාමච්ඡන්දය
නා. රූපාදි වස්තු විෂයයෙහි පවත්නා දැඩි ආශාව; ඉඳුරන් පිනවීමට ඇති බලවත් කැමැත්ත; කාම කණ්හාව.
කාමතුර
වි. කාමයෙන් ආතුර වූ; කාමයෙන් පෙළුණු.
කාමදද
වි. කැමති දෙය දෙන; අභිමතවූව දෙන.
කාමනාව
නා. කැමැත්ත; අභිලාෂය.
කාමභෝගී
වි. කාම සම්පත් අනුභව කරන; කම් සැප විඳින.
කාමමිථ්‍යාචාරය
නා. කාමයෙහි වරදවා හැසිරීම; අයථා කාම සේවනය.
කාමය
1. නා. (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන වස්තු පිළිබඳ පවත්නා) ආශාව; කැමැත්ත; අභිලාෂය.
2. නා. තද ආශාව; ආලය; රාගය.
3. නා. මෛථුන සේවනයෙහි දැඩි කැමැත්ත.