සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 656

ජන

1. වි. මිනිසුන් පිළිබඳ; රටවැස්සන් සම්බන්ධ.
2. වි. රජයට අයත්; රාජ්‍ය.

ජන ව්‍යවහාර

1. නා.ප්‍ර. පොදුජනයා අතර පවත්නා කටකතා; ජනප්‍රවාදයෙන් එන පුවත්.
2. නා.ප්‍ර. පොදු ජනයා භාවිත කරන භාෂාව සහ එහි ලක්ෂණ.

ජන විචාරණය

(පාරිභා.) නා. වැදගත් දේශපාලන ප්‍රශ්නයක් පිළිබඳ තීරණය සඳහා සමස්ත ඡන්දදායක ජනතාවගේ කැමැත්ත විමසා බැලීම; ජනමත විචාරණය (=referendum).

ජන විඥානය

නා. සමාජීය තතු පිළිබඳ ව ජනයා සතුව පවත්නා දැනුම.

ජන සංහාරය

නා. ජනයා විනාශ කිරීම; ජනතාව මැරීම.

ජන සන්නිපාතය

නා. මහජනයා එක්රැස්වීමෙන් හට ගැනෙන මහා සමූහය; ජනයා රාශිභූත වීම.

ජන සන්නිවේදනය

නා. සමස්ත ජනතාවගේ දැනගැනීම පිණිස අදහස් උදහස් ප්‍රවෘත්ති ආදි ප්‍රකාශයට පත් කිරීම.

ජන සම්පීඩනය

(පාරිභා.) නා. ජනසඞ්ඛ්‍යා පීඩනය.

ජන සමාජය

නා. සමාජයක් නොහොත් සමූහයක් ලෙස එකට ගැනෙන ජනයා; ජනයාගෙන් සෑදුණ සමූහය; මනුෂ්‍ය සමූහය; පොදු ජනතාව.

ජනක

1. වි. උපදවන; හටගන්වන; ජනිත කරවන.
2. (පාරිභා.) වි. ප්‍රජනන හැකියාව ඇති හෝ එම කෘත්‍යයෙහි යෙදී සිටින; ප්‍රජනක (=generative).
3. වි. පරමාණුක; ජන්මාණු සෛලයක් පිළිබඳ වූ (=germinal).
1. නා.ප්‍ර. උපත ලබා දන්නා; උත්පාදකයා; පියා.
2. නා.ප්‍ර. මව හෝ පියා; දෙමවුපියෝ.
3. නා.ප්‍ර. ජනක කර්මය.
4. නා.ප්‍ර. ඉතා සියුම් තන්තුමය වූ හෝ ඒක සෛලික බැක්ටීරියාව.

ජනක අපිච්ඡදය

(පාරිභා.) නා. ඩිම්බකෝෂයෙහි පංජරය ආවරණය වී ඇති ස්තම්භාකාර අපිච්ඡද ස්තරය; ජන්මාණුක අපිච්ඡදය (=germinal epithelium).

ජනක ආශයිකාව

(පාරිභා.) නා. ක්ෂීරපායී ස්ත්‍රීලිංගික ප්‍රජනන බීජවල න්‍යෂ්ටිය (=germinal vesicle).

ජනක කර්මය

නා. සත්ත්වයාගේ ප්‍රතිසන්ධිය ඇති කරන කුශල හෝ අකුශල කර්මය.

ජනක චිත්තය

නා. (කුසල් හෝ අකුසල්) උත්පාදක සිත; ප්‍රතිසන්ධි චිත්තය.

ජනක ප්ලාස්මය

(පාරිභා.) නා. ප්‍රවේණියට අදාළ විශේෂ න්‍යෂ්ටික ද්‍රව්‍යයක් (=germ plasm).

ජනක පීතෘ

නා.ප්‍ර. ජාතක කළ පියා; තමාගේ ම පියා.

ජනක ශක්තිය

(පාරිභා.) නා. ප්‍රජනනය කිරීමෙහි හැකියාව; ප්‍රජනක සාරභාවය (=fertility).

ජනකථා

නා.ප්‍ර. පොදු ජනතාව අතර පරම්පරාගත ව පවත්නා කථාන්තර.

ජනකබීජ

නා.ප්‍ර. ජීවියකුගේ උත්පත්තියට හා ස්වරූප ගතිගුණ ආදියේ පිහිටීමට බලපාන බීජ.

ජනකමඬල

(පාරිභා.) නා.ප්‍ර. ඩිම්බයක කලලයේ වැඩීම පටන් ගන්නා ස්ථානය (=germinal disc).

ජනකය

නා. යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන යන්ත්‍රයක ඩයිනමෝව (=generator).

ජනකවිය

නා. ගැමි කවියන් අතින් පොදු ජන ජීවිතය විෂය කොට ගෙන නිතැතින්ම බිහි වූ පාරම්පරික පද්‍ය රචනාව.

ජනක්ෂෝභන

නා.ප්‍ර. මහජනයා අතර ඇතිවන කැලඹිලි; ජනතා නොසන්සුන්කම්.

ජනකාණුව

[ජනක + අණුව]
(පාරිභා.) නා. ජීවීන්ගේ චරිත ලක්ෂණ හා ආවේණික ගතිගුණවලට හේතු වෙතැයි සලකන ජීවසෛල මාත්‍රය.