සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 655
ජටාමකුටධාරියා
නා. සැඩපලු ගෙතුණු කෙස් ඔටුන්නක් සේ බැඳ ගෙන සිටින තැනැත්තා; තලප්පාවක් බැඳගත් තැනැත්තා.
ජටාව
1. නා. හැඩපලු ගෙතුණු කෙස්වැටිය; එකට කැටි කළ කෙහෙ කලබ.
2. නා. හිස වටා බැඳි රෙදි කඩ; තලප්පාව.
3. නා. ගස් වැල් එකිනෙක පැටලීමෙන් සෑදෙන අවුල; ආකූලතාව.
4. නා. සිත අවුල් කරන තණ්හා ආදි කෙලෙස්.
5. නා. පැදුරු රෙදි ආදිය විවීමේ දී යොදන රටාවක්.
6. නා. (එකිනෙකට දැවටුණු) කුඩා මුල් හෙවත් තන්තු මුල්.
ජටිත
වි. පටලැවුණු; අවුල් වූ; ව්යාකූල වූ.
ජටිල
වි. අවුල් සහගත; පටලැවිලි සහිත; ව්යාකූල.
ජටිලයා
නා. හැඩපලු ගෙතුණු හිසකේ ඇති තවුසා; ජටාධරයා.
ජඨර
1. (පාරිභා.) වි. ආමාශය පිළිබඳ වූ; ආමාශයික (=gastric).
2. වි. රළු.
1. නා.ප්ර. ආමාශය.
2. නා.ප්ර. උදර රෝගය.
ජඨර ආන්ත්රදාහය
(පාරිභා.) නා. ආමාශයේත් ආන්ත්රික ශ්ලේෂ්මල පටලයේත් ඉදිමුම (=gastroenteritis).
ජඨර දාහය
(පාරිභා.) නා. ආමාශයේ (විශේෂයෙන් එහි ශ්ලේෂ්මල පටලයේ) ඉදිමුම (=inflammation).
ජඨරග්රන්ථි
(පාරිභා.) නා.ප්ර. ආමාශයේ බිත්තිවල පිහිටි ජඨරීය යුෂ ස්රාවය කරන ග්රන්ථි (=gastric glands).
ජඨරපාතය
(පාරිභා.) නා. ආමාශය අසාමාන්ය ලෙස උදර කුහරයෙහි පහළට නැඹුරුව වැටීම (=gastroptosis).
ජඨරයුෂ
නා.ප්ර. ආහාර දිරවීම සඳහා ජඨර ග්රන්ථිවලින් වහනය වන ද්රව විශේෂය; ආමාශයික ඕජස; ජඨරාශවය.
ජඨරාග්නිය
ජඨරාශය
(පාරිභා.) නා. (රෝමන්තකයන්ගේ හෙවත්) වමාරා කන ක්ෂීරපායින්ගේ හතරවැනි හෙවත් නියම ආමාශය. (=abomasum)
ජඨරීය
(පාරිභා.) වි. උදරය හා සම්බන්ධ; ආමාශය පිළිබඳ; ආමාශයික (=gastric).
ජඨරීය ධෝවනය
(පාරිභා.) නා. ආමාශය සේදීම (=gastric lavage).
ජඨරීයව්රණය
(පාරිභා.) නා. ආමාශයේ අභ්යන්තර බිත්තියේ සෑදුණු වණය (=gastric ulcer).
ජඨරේක්ෂය
[ජඨර + ඊක්ෂය]
නා. ආමාශය ඇතුළත බැලිය හැකි උපකරණය.
ජඩ
1. වි. සිත්පිත් නැති; අචේතනික; අජීව.
2. වි. නැණ මඳ; මෝඩ; බුද්ධි හීන.
3. වි. නින්දා කටයුතු; පහත්; අධම; නිහීන.
4. වි. කිලිටි බවට පත්; නොපැහැදිලි; නිෂ්ප්රභ වූ.
5. වි. පමණට වඩා කථා කරන; දොඩමලු.
ජඩයා
1. නා. පහත් ගතිගුණ ඇත්තා; අධමයා; නිහීනයා.
2. නා. හොඳ නරක නොවැටහෙන්නා; මෝඩයා; බුද්ධිහීනයා.
3. නා. දොඩමලු තැනැත්තා; වාචාලයා.
4. නා. ගොළුවා.
ජඩීකෘත
වි. විස්මෘත භාවයට ගිය; දරදඬු බවට පත්; නිෂ්ක්රීය.
ජත්රැ
නා.ප්ර. උරහිස; කර.
ජත්රැ අස්ථිය
නා. අකු ඇටය; කුලල් ඇටය; අක්ෂාකස්ථිය.
ජතු
1. නා.ප්ර. ලාකඩ; ලතුදිය.
2. (පාරිභා.) නා.ප්ර. ඛනිජ කීල් හෝ ගල් අඟුරු විශේෂයක්; බිටුමන් (=bitumen).
ජතුමාසක
නා.ප්ර. පැරණි මසුරන් වර්ගයක නාමය; ලාකඩින් හෝ මැලියමින් රූප යොදා සාදන ලද මසුරන්.