සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 842
දිවාකර
නා.ප්‍ර. හිරු; සූර්යයා.
දිවාතන
වි. දාවල්හි වූ; දිවාකල්හි වූ.
දිවාන
නා.ප්‍ර. දිගා වී සිටිය හැකි ඇන්ද රහිත පුටුව; දික්සඟලා පුටුව.
දිවාබොජුන
නා. දහවල් ආහාරය; දිවා භෝජනය.
දිවි
1. නා.ප්‍ර. ජීවිතය.
2. නා.ප්‍ර. දෛවය; ඉරණම; නියමය; වාසනාව.
3. නා.ප්‍ර. මුහුදෙන් වට වූ බිම් පෙදෙස; දූපත; දිවයින; ද්වීපය.
4. නා.ප්‍ර. දිව්රුම.
5. (කථා.) නා.ප්‍ර. දෙස්; ශාප.
දිවි කියනවා
ක්‍රි. දෙස් දෙනවා; ශාප කරනවා; අවලාද කරනවා.
දිවි ගලවනවා
1. ක්‍රි. දිවි තොර කරනවා; මරා දමනවා.
2. ක්‍රි. ජීවිතය බේරා ගන්නවා; මරණයෙන් මුදවනවා.
දිවි දෙනවා
1. ක්‍රි. ජීවිතය පූජා කරනවා; අනුන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා.
2. ක්‍රි. මරණයෙන් ගලවනවා.
දිවි නසාගන්නවා
ක්‍රි. (තමා විසින් ම) ජීවිතය හානි කරගන්නවා; මැරෙනවා.
දිවි පියනවා
ක්‍රි. ජීවිතය අත්හරිනවා; ජීවිතය පුදනවා.
දිවි පෙවත
නා. ජීවිතය පවත්වාගෙන යෑම; ජීවිත ප්‍රවෘත්තිය.
දිවි වටනවා
ක්‍රි. ජීවිතය පවත්වනවා; ජීවිකාව කරගන්නවා.
දිවි වාසගම
නා. දිවිරීම සඳහා ලියනු ලබන ප්‍රකාශය.
දිවි සීට්ටුව
නා. දිවිරීමේ සීට්ටුව; දිවිරීමෙන් විමැසිය යුතු නඩු විභාගවලදී ලියනු ලබන ප්රකාශනය.
දිවිතුරා
ක්‍රි.වි. ජීවිතය ඇති තුරු; ජීවිත කාලය මුළුල්ලේ.
දිවිබා
නා.ප්‍ර. ජීවත් වීමේ භාග්‍යය; ජීවිත ප්‍රතිලාභය.
දිවිබුන්
වි. ජීවිතය නැසුණු; පණ ගිය.
දිවිමැඬිල්ල
1. නා. අනවින හූනියම් ආදි විපත්තිදායක අභිචාර කටයුතු කරන ස්ථානය.
2. නා. එවැනි කාර්යයක් කිරීම.
දිවිය
වි. දෙවියන් පිළිබඳ වූ; දිව්‍ය.
දිවියටි
ක්‍රි.වි. ධෝවනය කරනු කැමති; සේදීමට අදහස් කරන.
දිවියම
නා. දිවිරීම; දිවිරිල්ල.
දිවිහිම්
නා.ප්‍ර. ජීවිතාන්තය; ජීවත් වන කාලය; ජීවිත සීමාව.
දිවුණනවා
ක්‍රි. දෙගුණ කරනවා; තව ගුණයකින් වැඩි කරනවා.
දිවුරනවා
නා.ප්‍ර. තමන් කියන දෙයෙහි සත්‍යතාව සහතික කිරීම සඳහා ගරු ගම්භීරාකාරයෙන් ප්‍රකාශයක් කරනවා; ශපථ කරනවා.