සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 841
දිවසර
දිවස් උල
නා. වධය පිණිස අපරාධකරුවන් පණ පිටින් හිඳුවන උල; මරණ දණ්ඩනයට නියම කරනු ලැබූවන් ජීවත්වෙද්දී ම හිඳුවන උල; ජීවශූලය.
දිවස් එළිය
නා. රජතුමන්ගේ විශේෂ සැලකිල්ල; රජුගේ අවධානය; රාජ බැල්ම.
දිවස් කියනවා
ක්රි. මතු සිදුවන දේ කල් මත්තෙන් කියනවා.
දිවස් ප්රාසාදය
නා. (ක්රිස්ති.) අනාවැකි හෙවත් දෙවියන් වහන්සේ විසින් එළිදරවු කරන ලද පණිවුඩයක් ලොවට පැවසීමේ හැකියාව.
දිවස් ලනවා
ක්රි. දිවනෙත් යොමු කරනවා; දිවැසින් බලනවා; දිව්යඥානයෙන් බලනවා; එසේ බලා ප්රකාශ කරනවා.
දිවස්පති
නා.ප්ර. හිරු; සූර්යයා.
දිවස්වරයා
නා. (ක්රිස්ති.) දෙවියන් වහන්සේ විසින් එළිදරවු කරන ලද පණිවුඩයක් ලොවට පවසන තැනැත්තා; අනාගතවක්තෘ.
දිවසෝ
නා.ප්ර. මිනිස් කනට නොඇසෙන ඉතා සියුම් වූ ද දුරු වූ ද ශබ්ද ඇසීමට සමත් විශිෂ්ට ඥාන විශේෂය; දිව්ය ශ්රෝතය; දිව්යකර්ණය.
දිව් කෙරෙනවා
ක්රි. ජීවය ඇති කරනවා; පණ දෙනවා.
දිව්ය
1. වි. දෙවියන් හා සම්බන්ධ; දෙවියන්ට අයත්; දෙවියන් පිළිබඳ වූ.
2. වි. ලෝක ස්වභාවය ඉක්මවූ; අලෞකික; ඍද්ධිමය.
3. වි. ආශ්චර්යවත් බලයක් ඇති; අද්භූත; තේජස්වී.
1. නා.ප්ර. දෙව්ලොව උපන් තැනැත්තා; දෙවියා; දිව්යයා.
2. නා.ප්ර. කාන්තිය; ප්රභාව; තේජස.
දිව්ය ගංගාව
නා. (පුරා,) ආකාශයෙන් ගලා බසිතැයි සඳහන් ජලධාරාව; දෙව් ගඟුලැල්ල; සුර ගඟ.
දිව්ය ඥානය
නා. මසැසින් නොදැකිය හැකි දුර වූ ද, ආවරණය වූ ද දෑ දැකිය හැකි නුවණ; ඍද්ධිමය ඥානය.
දිව්ය පථය
1. නා. දෙවියන් විසින් මැවූ මඟ; දිව්යමය මාර්ගය.
2. නා. අහස් මඟ; ආකාශ මාර්ගය.
දිව්ය පුත්රයා
නා. දෙවියා; දේවතාවා.
දිව්ය පූජාව
1. නා. දෙවියන් විසින් කරනු ලබන පූජාව.
2. (ක්රිස්ති.) නා. යේසුස් වහන්සේ මනුෂ්ය සංහතියේ ගැළවීම සිහිපත් කරමින් පූජා පිණිස පවත්වන යාගය; සත්ප්රසාදය.
දිව්ය සත්ප්රසාදය
නා. (ක්රිස්ති.) පූප අනුභවය හා වයින් බීම මගින් ක්රිස්තුතුමන්ගේ කුරුසයේ යාගය සිහි කිරීම පිණිස පවත්වන වත්පිළිවෙත.
දිව්ය හෘදය
නා. (ක්රිස්ති.) දෙවියන් වහන්සේගේ ප්රේමය පිළිබිඹු කරන ක්රිස්තුතුමන්ගේ හදවත.
දිව්යකුම්භ
නා.ප්ර. සිතූ පැතූ සම්පත් ලබා දෙන බව කියන ඝටය; දෙව්කුඹු; භද්රඝටය.
දිව්යමය
1. වි. දේව ලක්ෂණයෙන් යුක්ත; දේව ස්වභාව ඇති.
2. වි. ආශ්චර්යවත්; ඍද්ධිමය.
දිව්යාංගනාව
නා. දෙව්ලොව වෙසෙන අගන; දෙවඟන; සුරඟන.
දිව්යාම්බර
[දිව්ය + අම්බර]
නා.ප්ර. පින්බෙලෙන් දෙවියන්ට පහළ වන සළු; දිවසළු.
දිවා
නා.ප්ර. දවල් කාලය; දාවල් කාලය; දිවා කාලය.
දිවා විහරණය
නා. දිවා බොජුනෙන් පසු දාවල් කාලය විවේක සුවයෙන් ගෙවීම.