සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 840
දිවගඳ
නා. දිව්‍යමය සුගන්ධය.
දිවගඳඹ
නා.ප්‍ර. දෙවියන්ගේ සංගීතය; දිව්‍ය සංගීතය.
දිවගුරු
[දිව + ගුරු]
නා.ප්‍ර. දෙවියන්ගේ ගුරු වන ගුරු හෙවත් බ්‍රහස්පති.
දිවගුරු බඳිනවා
ක්‍රි. (දිව හා උගුර හිරවී) කතා කිරීමට නොහැකි වෙනවා; (මන්ත්‍ර බලයෙන්) දිව හා උගුරු බැඳී පවතිනවා.
දිවගුළ
[දිව + අගුළ]
නා. මන්ත්‍ර ජපයෙන් ප්‍රාණවත් කළ බන්ධනය; ජීවම් කළ බන්ධනය.
දිවඟන
දිවත
1. නා. දිව.
2. නා. නඟුලේ පොළොවට වදින තලය.
3. නා. ඝණ්ඨාවක් සීනුවක් හෝ සොකඩයක් (ටකයක්) හැඬවීම සඳහා එහි මැදින් එල්ලෙන සේ සවි කළ ලී හෝ ලෝහමය දිවක් වැනි උපාංගය.
4. නා. දිවක හැඩය ඇති ව මුහුදට නෙරා ගිය ගොඩබිම.
5. නා. අත් කියතක පිට දාරයේ තිබෙන දිවක් වැනි කුඩුම්බිය.
දිවපඬුරු
නා.ප්‍ර. දිව්‍යමය ත්‍යාග.
දිවපූ
නා.ප්‍ර. දෙවියන් අනුභව කරන පූප; දිව්යපූප; දිව්යකැවුම්.
දිවබරණ
[දිව + අබරණ]
1. නා.ප්‍ර. දෙවියන් පලඳින ආභරණ.
2. නා.ප්‍ර. දිව්‍යාභරණ වැනි අලංකාර ආභරණ.
දිවමන්
වි. ජීවමාන.
දිවමල්
නා.ප්‍ර. දෙවිලොව හටගන්නා මල්; දිව්‍ය පුෂ්ප.
දිවඹ
දිවයින
නා. ජලයෙන් වට වූ භූමිභාගය; දූපත; ද්වීපය.
දිවයුරු
1. නා.ප්‍ර. හිරු; සූර්යයා.
2. නා.ප්‍ර. පහනක ආකාරය; ප්රදීපයක ස්වභාවය.
දිවරස
1. නා. දිව්‍ය රශ්මි; සුරරැස්.
2. නා. දිව්යභෝජනයෙහි රසය; අමෘතරසය.
දිවවදන්
නා. දේව භාෂාව; දෙව් බස; සකු බස.
දිවස
නා. දහවල් කාලය.
1. නා. (අභි.) භාවනා බලයෙන් උපදවා ගනු ලබන නුවණැස; ප්‍රඥා චක්ෂූසය; දිව්‍ය චක්ෂූරභිඥානය.
2. නා. දිව්‍යමය බලයෙන් යුතු ඇස; මිනිස් බව ඉක්මවා සිටි ඇස; අතිමානුෂික චක්ෂු ඉන්ද්රිය.
දිවසකර
නා.ප්‍ර. දහවල් කාලය ඇති කරන හිරු; සූර්යයා.
දිවසක්
නා.ප්‍ර. දිව්‍ය චක්ෂුසය; දිව ඇස.
දිවසත්
දිවසමුව
නා.ප්‍ර. දවසේ ආරම්භය; පාන්දර.