සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 839
දිරි ගහනවා
1. (කථා.) ක්‍රි. ඇද වැටෙනවා; පතිත වෙනවා.
2. ක්‍රි. පිරිහෙනවා; විනාශ වෙනවා. විපතට පත් වෙනවා.
3. ක්‍රි. තළාපෙළා දමනවා; නැති කරනවා; නසනවා; මට්ටු කරනවා.
දිරිතර
වි. ඉතා උත්සාහවත්; ඉතාම ධෛර්ය සම්පන්න.
දිරිති
නා.ප්‍ර. මහලු ස්ත්‍රිය; මැහැලිය.
දිරිමත්
වි. උනන්දුවෙන් ක්‍රියා කරන; ධෛර්ය සම්පන්න.
දිරිය
1. නා. දැඩි උත්සාහය; උනන්දුව; උද්යෝගය; ධෛර්යය.
2. නා. ශක්තිය; බලවත්කම.
3. නා. නුවණ; අවබෝධ ඥානය.
4. නා. එළිය; ආලෝකය.
දිරිවත
නා. දිරූ වස්ත්‍රය; කඩමාල්ල.
දිල්රුබාව
නා. ඉන්දියානු තන්ත්රීය තූර්ය භාණ්ඩයක්.
දිලික්තය
නා. (නීති.) හිංසනයක් ලැබූ පුද්ගලයකුට තමාගේ වාසිය පිණිස නඩුවක් පැවරිමට අවශ්‍ය පදනම ලබා දෙන වරදකාරී ක්‍රියාව; සිවිල් වරද.
දිලිතුහින
(පාරිභා.) නා. තද ඔපයක් ඇති සිනිඳු තලයෙන් යුත් හිම (=galaced frost).
දිලිබු
වි. ලබාගැනීමට අපහසු; දුලබ; හිඟ; දුර්ලභ.
දිලියුම
නා. (භෞති.රසා.) (ගින්නකින් තොර ව) දැඩි තාපයක් ඇතිව දිලිසීම; දැඩි උණුසුමක් ඇතිව දිලිසීම.
දිලියුම් පහන
නා. යම්කිසි ද්‍රව්‍යයක් අධික තාපයට රත් කිරිම නිසා එමගින් අලෝකය ලබා ගන්නා පහන.
දිලියෙනවා
ක්‍රි. ආලෝකය විහිදෙනවා; රැස් පැතිරෙනවා; දීප්තිය නැගෙනවා; බැබළෙනවා.
දිලීර උපුලුව
(පාරිභා.) නා. දිලීර හෝ බැක්ටීරියා හෝ හේතු කොට ගෙන සෑදෙන ලේ ගෙඩිය (=mycotic aneurysm).
දිලීර රෝග
නා.ප්‍ර. දිලීර නිසා හටගන්නා ශාක රෝග විශේෂයක්.
දිලීර විද්‍යාව
(පාරිභා.) නා. දිලීර පිළිබඳ අධ්‍යයනය කරන ශාස්ත්‍රය (=mycology).
දිලීරය
(පාරිභා.) නා. න්‍යෂ්ටිකා සහිත වූ ද, සාමාන්‍යයෙන් සූත්‍රිකාමය වූ ද, බීජාණු දරන්නා වූ ද, හරිතප්රද රහිත වීමේ ලක්ෂණයෙන් ඇල්ගීවලින් වෙනස් වූ ද ක්ෂුද්‍ර ශාක වර්ගයක් (=fungus).
දිලෙනවා
ක්‍රි. ආලෝකය විහිදුවනවා; දිලිසෙනවා.
දිව
1. නා. ආහාර රස විඳීමට උපකාර වනු සඳහා මුඛයේ පිහිටි මාංසමය අවයවය; දිවත; ජිහ්වාව.
2. නා. ද්වීමය ජලයෙන් වට වූ ගොඩබිම; දූපත; දිවයින.
3. නා. දෙව්ලොව.
4. නා. අහස; ගුවන.
5. නා. දීපය; ආලෝකය ගෙන දෙන උපකරණය; පහන; ප්‍රදීපය.
6. නා. පණ; ප්‍රාණය; ජීවය.
වි. දිව්‍ය; දෙවියන්ට අයත්; දෙව්ලොවෙහි වන්නාවූ; දිව්‍යමය.
දිව ඔසුව
නා. දිව්‍ය ඖෂධය; නිසැක වූ සුවය දෙන ඔසුව; අත්දුටු බෙහෙත.
දිව මාලය
(පාරිභා.) නා. කළපුවක් වටා මාලයක් මෙන් පිහිටි හිරිගල් දූපත් සමූහය (= atoll).
දිවංගත
වි. ස්වර්ගස්ථ; මියගිය; අභාවප්‍රාප්ත.
දිවඔතැලි
නා.ප්‍ර. (බඩ පිරුණු විට) කටින් පිටවන වාතය; රාම තැල්ල.
දිවඕජස්
නා.ප්‍ර. දෙවියන්ගේ රස ඕජස; ඕජෝ ගුණය.
දිවකන්
නා.ප්‍ර. බුදු, රහත්, දෙවි, බඹ ආදි උතුමන්ට ඇතැයි සැලකෙන අතිශය තියුණු ශ්‍රවණ ශක්තිය; දිව්‍යශ්‍රෝතය.