සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 960
නීති සංස්ථාව
නා. නීතිමය කාර්යයන් සඳහා පිහිටුවන ලද ආයතනය.
නීති සම්ප්රයෝගය
(පාරිභා.) නා. සැබෑවට ම නොවූ හෝ නොපවතින හෝ කරුණක් කිසියම් ප්‍රයෝජනවත් අරමුණක් සඳහා, නීතියට අනු ව වී යැයි පිළිගැනීම.
නීති සම්පාදකයා
නා. නීතිය සකස් කරන පුද්ගලයා; නීති කෙටුම්පත් කරන නිලධාරියා.
නීතිකරණය
නා. නීති කෙටුම්පත් කිරීම; නීති සකස් කිරීම; නීති සම්පාදනය.
නීතිකාරක
වි. නීතිය සකස් කරන; නීති සම්පාදනය කරන.
නීතිකාරකය
නා. නීතිය සකස් කරන මණ්ඩලය හෝ සංස්ථාව; නීති සම්පාදක මණ්ඩලය.
නීතිගත කරනවා
ක්‍රි. නීතිය යටතට පත් කරනවා; නීතියට අනුකූල ව ලියාපදිංචි කරනවා; නීතිමය වශයෙන් සංස්ථාපිත කරනවා.
නීතිගත සංස්ථාව
නා. නීතියට යටත් කළ, එහෙත් ස්වාධීන ව ක්‍රියා කිරීමේ බලය ඇති ආයතනය.
නීතිගරුක
වි. නීතියට ගරු කරන; නීතිය පිළිගන්නා; නීතිය අනුගමනය කරන.
නීතිඥ මණ්ඩලය
(පාරිභා.) නා. නීතිඥයන්ගෙන් සමන්විත සභාව; නීතිඥයන්ගෙන් යුත් මණ්ඩලය.
නීතිඥයා
නා. නීතිය හදාරා ඒ පිළිබඳ කටයුතු කිරීමට බලය ලත් තැනැත්තා; නීති න්‍යාය දන්නා පුද්ගලයා; නීතිවේදියා.
නීතිදායක
වි. ව්‍යවස්ථා සම්පාදනය කරන; රාජ්‍ය පාලනය පිළිබඳ නීති සකස් කරන.
නීතිදායකයා
නා. ව්‍යවස්ථා සම්පාදනය කරන්නා; නීති සකස් කරන තැනැත්තා.
නීතිනාථයා
නා. නීතියට පිහිටවන්නා; නීතිය ක්‍රියාත්මක කිරීමට උපකාර වන පුද්ගලයා; විනිශ්චයකාරයා; නඩු අසන්නා.
නීතිනායක
නා.ප්‍ර. නීතිය මෙහෙයවීමේ ප්‍රධානයා; අධිකරණ නායක.
නීතිපති
නා.ප්‍ර. රජයේ ප්‍රධාන නීති නිලධරයා; ඇටර්නි ජනරාල්.
නීතිපදය
නා. නීත්‍යනුකූල අර්ථය පැවසෙන පදය; නීතිමය වචනය.
නීතිපනත්
නා.ප්‍ර. නීතියෙන් පනවන ලද ව්‍යවස්ථා.
නීතිමය
වි. නීතියෙන් ම වූ; නීතිය හා බැඳුණු; නීත්‍යනූකූල.
නීතිමය බලතල
නා.ප්‍ර. නීතිය මාර්ගයෙන් ම ලබාගත අයිතිවාසිකම්; නීත්‍යනුකූල හිමිකම්.
නීතිරීති
1. නා.බහු. ප්‍රධාන නීති හා රෙගුලාසි.
2. නා.බහු. නීතිය පිළිබඳ රෙගුලාසි; නීතියට අනු ව පැනවෙන ව්‍යවස්ථා.
නීතිවේදියා
නා. නීතිය උගත් තැනැත්තා; නීතිඥයා.
නීධ්රය
1. නා. වහලේ අද්දර පලයේ කොන.
2. නා. වෘත්තයක හෝ රෝදයක හෝ වටය.
නීනා
නා.ප්‍ර. ගංගාවලට නායකයා; මුහුද; සමුද්‍රය; සාගරය.