සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 975

නොම්මර අදිනවා

ක්‍රි. කුසපත් අදිනවා; සීට්ටු අදිනවා.

නොම්මර කණුව

නා. (කථා.) පාරක කිසියම් විශේෂ ස්ථානයක සිට වූ කණුව; සැතැප්ම කණුව.

නොම්මරය

1. නා. සංඛ්‍යාවක් හඳුන්වන ලකුණ; අංකය; ඉලක්කම; සංඛ්‍යාව.
2. (කථා.) නා. තරාතිරම; කල්කිරියාව; ස්වභාවය.

නොමැකෙන

වි. මකා දැමිය නොහැකි; මකන්නට බැරි.

නොමැති

[නොම + ඇති]
වි. නැති; නැත්තා වූ; අවිද්‍යමාන.

නොමැදහත්

වි. මධ්‍යස්ථ නොවූ; පක්ෂපාත; අගති.

නොමැනව

නා. නුසුදුස්ස; නොමනා දෙය; නොකළ යුත්ත.

නොමැලසි

වි. මැලි නොවූ; මිලාන නොවූ.

නොමැළි

වි. කම්මැළි නැති; අලස නැති; ක්‍රියාශූර; කඩිසර.

නොමින

වි. බොහෝ; අප්‍රමාණ; ප්‍රමාණ කළ නොහැකි.

නොමිනිස්

නා.ප්‍ර. මනුෂ්‍ය නොවූ සත්වයා; අමනුෂ්‍යයා.
වි. මිනිස්කමට නොගැළපෙන; අමනුෂ්‍ය.

නොමිලයේ

ක්‍රි.වි. මුදල් ගෙවීමක් නැති ව; අය කිරීමක් නැති ව.

නොමුසු

වි. මිශ්‍ර නැති; අමිශ්‍ර.

නොමුහුකළ

වි. මෝරා නැති; පැසී නැති.

නොමේරූ

වි. මෝරා නැති; පැසී නැති.

නොරට

1. නා. (තමන්ගේ) රට නොවුව; පිටරට; විදේශය.
2. නා. අවුල් වූ රට.

නොරත

වි. ගින්නෙන් රත් නොවූ.

නොරඹුර

නා. සැඟවුණු තැන; රහස් ස්ථානය.

නොරැටියා

නා. (තම) රටට අයත් නොවූ පුද්ගලයා; විදේශිකයා.

නොරිසි

වි. කැමති නැති; ආශා නැති; රුවි නැති.

නොරුස්නා

වි. රුස්සන්නේ නැති; කැමති නැති; ආශා නැති.

නොරොක්

නා.ප්‍ර. අමනාපය; නොහොඳ; විරුද්ධත්වය.

නොලස

ක්‍රි.වි. වහා; අප්‍රමාදව; අනලස්.

නොවක්

1. වි. ඇද නැති; වක් නොවූ; අවංක; ඍජු.
2. (පාරිභා.) වි. කෙළින් ම පවත්නා; නොනැමුණු.

නොවටනා

වි. වටින්නේ නැති; අගයක් නැති.