සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 976
නොවත
වි. අපොහොසත් වූ; අසමත්
නොවත්
නා.ප්‍ර. වත් නොවූව; සිරිත් වශයෙන් ගත නොහැකි.
නොවතු
වි. අහිමි; වස්තු හීන.
නොවතුරු
නොවරදිනසුලු
(පාරිභා.) වි. වරදින්නේ නැති ස්වභාවය ඇති.
නොවලස
වි. අලස නොවී; ප්‍රමාද නොවී; කම්මැළි නොවී; අනලස් ව ; වහා.
නොවලහා
ක්‍රි.වි. සඟවන්නනේ නැති ව; නොසගවා; වසන් නොකර.
නොවලා
වි. බාධා රහිත ව; වැළැක්මක් නැති ව; නොවරදවා.
නොවහළ
1. වි. වැහැර නොගියා වූ; අඩු නොවූ; අනූන නූ.
2. වි. නොවැසුණු; ප්රතිච්ඡින්න නොවූ.
නොවැළැක්වියහැකි
වි. වැළැක්වීමට අවකාශ නැති; සිදුවිය යුතු ම.
නොවිටියල
වි. නොහික්මුණු; අසංවර; අවිටියල්.
නොවිතර
වි. ප්‍රමාණයක් නැති; අප්‍රමාණ; බොහෝ.
නොවියත්
වි. ව්‍යක්ත නොවූ; අව්‍යක්ත; නූගත්.
නොවියූ
වි. නොකියා; ප්‍රකාශ නොකළා වූ.
නොවිරූ
වි. පෙර නොසිදු වූ; අපූර්ව වූ; අද්භූත.
නොවිරෙන
(පාරිභා.) වි. විසිර නොයන, දිය වී නොයන.
නොවුනු
වි. නොඅඩු; ඌන නැති; අනූන.
නොවූවිරූ
වි. පෙර සිදුවී නැති; භේදයක් නැති; සමගි සම්පන්න.
නොසංශය
නා. සැකයක් නැති බව.
නොසකස්
1. වි. පිළියෙන නොකළ; සකස් නොකළ.
2. වි. අපවිත්‍ර; කිලිටි.
3. (පාරිභා.) වි. අමු; රළු; ගොරෝසු; නොනිමි.
නොසණ්ඩාලයා
(කථා.) නා. නොහික්මුණු තැනැත්තා; නීචයා; අධමයා.
නොසතුට
නා. සතුටු නැති බව; අසතුට.
නොසන්සුන්
වි. සන්සිඳීමක් නැති; සන්සුන් නොවූ; කලබලකාරී.