සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 998

පර්යන්ත

1. වි. කෙළවර පිහිටි ; සීමාවේ වූ.
2. (පාරිභා.) විශ්ලේෂණ කොට දැක්විය නොහැකි ; සරල නොවන.
3. (පාරිභා.) ශරීරයේ මධ්‍යයෙන් බැහැර වූ ; සිරුර හාත්පස පිහිටි.
4. (පාරිභා.) උත්තේජනයට හෙවත් වින්දනයට පත් කළ හැකි සීමාව හා සම්බන්ධ.

පර්යන්ත මට්ටම

(පාරිභා.) නා. දිය පහරක පතුළ ගෙවී යා හැකි පහත් මට්ටම.

පර්යන්තය

1. නා. කෙළවර ; අවසානය.
2. විශාල ගමනාගමන මධ්‍යස්ථානයක ගමන් කෙළවර කරන්නා වූ සහ ආරම්භ කරන්නා වූ ද වාහන නැවැත්වීමට ද මගීන් වෙත පහසුකම් සලසා ගැනීමට ද පරිසරය සලසන ස්ථානය ; ගොඩනැගිල්ල.

පර්යාණය

නා. හිඳගැනීම සඳහා අසුපිට අතුරන ආසනය ; සෑදලය.

පර්යාපන්න

වි. ඇතුළත් ; අන්තර්ගත.

පර්යාප්ත

1. වි. ප්‍රමාණවත් ; සෑහෙන.
2. සම්පූර්ණ.
3. සමර්ථ.

පර්යාප්ති ධර්මය

නා. ත්‍රිපිටක බුද්ධ වචනය ; තෙවළා බුදු දහම ;පර්යාප්තිය.

පර්යාය

1. නා. ආකාරය ; පිළිවෙළ ; ක්‍රමය.
2. සමාන අර්ථ ඇති වචනය.

පර්යායෝක්ති

1. නා.ප්‍ර. වෙනත් ආකාරයකින් කීම.
2. කාව්‍යාලංකාරයක්.

පර්යාලෝකය

1. නා. වස්තුවක් ඇසට පෙනෙන ආකාරය එලෙසින් ම චිත්‍රයක දැක්වීම.
2. එසේ දක්වන චිත්‍ර, මූර්ති ආදි ශිල්ප ක්‍රමය.

පර්යාලෝචනය

නා. පරික්ෂා කිරීම ; සියුම් ලෙස විමසීම.

පර්යුපාසනය

නා. සේවනය ; සමීප ආශ්‍රය.

පර්යුෂිත

වි. පරණ ; පිළුණු ; දිගු කලක් පරණ කළ.

පර්යේෂකයා

නා. (යම් විෂයයක් පිළිබඳ) තොරතුරු ඉතා තාර්කික ව, සාධාරණ ව සපයන තැනැන්තා ; දැනුම් දියුණු කිරීම උදෙසා ක්‍රමානුකූල ව සෝදිසි කරන්නා.

පර්යේෂණය

1. නා. උසස් සෙවීම ; දැනුම දියුණු කිරීම සඳහා කරන ක්‍රමානුකූල සෙවීම.
2. (පාරිභා.) අත්හදා බැලීම; පරීක්ෂණය

පර්යේෂණාගාරය

[පර්යේෂණ + ආගාරය]
නා. පර්යේෂණ කටයුතු කරන කාමරය පරීක්ෂණාගාරය.

පර්යේෂණාත්මක විද්‍යාව

නා. අත්හදා බැලීම් හා සම්බන්ධ විද්‍යාව ; ප්‍රායෝගික විද්‍යාව.

පර්යේෂණායතනය

[පර්යේෂණ + ආයතනය]
(පාරිභා.) නා. පර්යේෂණ කටයුතු සඳහා වෙන් | වූ විශාල පරිමාණයේ ස්ථානය.

පර්වත කූටය

නා. පර්වතයක මුදුන ; ශිඛරය ; ගිරිකුළ.

පර්වත ද්‍රෝණිය

නා. පර්වත අතර පිහිටි පහත් බිම් ප්‍රදේශය.

පර්වත ප්‍රාන්තය

නා. පර්වතයක තද බෑවුම ; කඳු බෑවුම.

පර්වත පාදය

නා. පර්වතයක පාමුල ; කඳු පාමුල.

පර්වත භූමිකාව

නා. පර්වත අතර පිහිටි සම භූමිය ; උස් සම බිම ; සානුව.

පර්වත විද්‍යාව

නා. පර්වත පිළිබඳ ව ඉගැන්වෙන විද්‍යාව.