සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 999
පර්වතකරණය
(පාරිභා.) නා. පර්වත සෑදීම ; කඳු සෑදීම ; පර්වතෝත්පත්තිය.
පර්වතය
නා. අවට ප්රදේශයට වඩා ඉහළට, බොහෝ අවස්ථාවල කූටයක් කරා, නැඟී සිටින සුවිශාල ශෛල ස්කන්ධය ; උස් ව සිටි ඒකඝන ශෛලය ; කන්ද ; කඳු කුළ.
පර්වය
1. නා. ගැට හෝ සන්ධි දෙකක් අතර කොටස ; ඇඟිලි; නහර, ස්නායු ආදි ශාරීරික අවයවයවල ගැට දෙකක් අතර කොටස.
2.ශාකයක පුරුක් දෙකක් අතර සන්ධිය ; ගැටය.
3. පොතක කොටස ; කාණ්ඩය ; ග්රන්ථ කාණ්ඩය.
පර්ශුකාව
(පාරිභා.) නා. ඉල ඇටය ; පර්ශුව.
පර්ෂදය
නා. සමූහය ; පිරිස; ඒකරාශි වූ සමූහය.
පරා
උ. අතිශය, ප්රතිවිරුද්ධ, ප්රතික්ෂේප, මර්දන, අභිභවන ආදි අරුත්හි යෙදෙන උපසර්ගයක්.
1. නා.ප්ර. අන්යයා.
2. වයස.
පරාංමුඛ
නා.ප්ර. පිටුපෑම ; උදාසීනභාවය ; අධෛර්යය ; උද්යෝග හීනබව.
වි. පිටු පා සිටින ; උද්යෝග හීන.
පරාක්රමය
1. නා. උත්සාහය ; වීර්යය ; ධෛර්යය.
2. බලය ; වික්රමය ; තේජස
පරාකොනිඩය
(පාරිභා.) නා. ක්ෂීරපායින්ගේ යටි චාර්වාක දතක පූර්ව බාහිර තුණ්ඩය.
පරාකෝනිය
(පාරිභා.) නා. ක්ෂීරපායීන්ගේ උඩු චාර්වක දතක පූර්ව බාහිර තුණ්ඩය.
පරාග
නා.ප්ර. මලක පරාග ධානියෙහි සෑදෙන ඇලෙන සුලු කහපාට කුඩු විශේෂය.
පරාගණය
(පාරිභා.) නා. පරාග ධානියකින් කලංකය කරා පරාග පැමිණීම ; පරාග සංක්රමණය.
පරාගධානිය
(පාරිභා.) නා. මල් රේණුවක සූත්රිකාව අගට සවි වී ඇති පරාග සාදන කොටස.
පරාජය
නා. තරඟකාරී ක්රියාවකින් ලබන අසාර්ථක ප්රතිඵලය ; දිනුමෙන් තොර වීම ; පැරදීම.
පරාජිතයා
නා. පැරදුණු තැනැත්තා ; සටන් තරඟ ආදියෙන් අසාර්ථක ප්රතිඵල ලබන්නා ; බලාපොරොත්තු කඩ වූ පුද්ගලයා.
පරාණය
නා. (කථා.) පණ ; ජීවිතය ; ප්රාණය.
පරාධීන
වි. අනුන්ට යටත් ; අනිකකුගේ වසගයෙහි සිටින.
පරාන්යෂ්ටිය
(පාරිභා.) නා. න්යෂ්ටියට යාබද ව ඇතැම් විටක දක්නට ලැබෙන උප න්යෂ්ටිය.
පරාපාදස්ථ
(පාරිභා.) වි. පාදක තලයට සම්බන්ධ ; පාදය පිළිබඳ.
පරාභවය
නා. පිරිහීම ; පරිහානිය ; විනාශය.
පරාභිභවනය
නා. අනිකකු යටත් කර ගැනීම ; අන්යයන් මැඩලීම.
පරාමර්ශනය
නා. අතගෑම ; පිරිමැදීම ; ස්පර්ශ කිරීම ගැනීම.
පරාමර්ශය
1. නා. ස්පර්ශ කිරීම ; ස්පර්ශය.
2. අල්ලා ගැනීම ; ග්රහණය.
3. සිහි කිරීම ; මතක් කිරීම ; අනුස්මරණය. (අනුමාන වශයෙන් වූ) නිශ්චය ; තීරණය ; නිගමනය ; විවේචනය.
පරාමාශය
1. නා. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් දැඩි ව අල්ලා ගැනීම.
2. (පාරිභා.) ඉස්පන්ජියාගේ අභ්යන්තරයෙහි වූ කුහරය.