වී
vī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධාන්ය විශේෂයක් ; ගොයම් පැළයෙන් ලබාගන්නා අස්වැන්න ; සහල් ලබාගන්නා ධාන්ය විශේෂය.
2. පක්ෂියා ; කුරුල්ලා.
3. පොළොව හඳුන්වන නාමය ; භූමිය.
4. වීථිය ; වීදිය ; මාර්ගය.
5. වියගහ ; වියදණ්ඩ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. චලනාදිසු, සැලීම් ආදියෙහි, වෙති, සැලෙයි, අනුභව කරයි.
√ කි. තනතු, සන්තාන, නූල් කැටීමෙහි, විවීමෙහි, විනාති, වියයි, නූල්කටියි. (පි. 480)