සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 836
විහෙඨ
පු. හිරිහැරය, කරදරය, පීඩාව. (පි. 480)
විහෙඨන
න. හිරිහැරවීම, පීඩාව. (පි. 480)
විහෙස
පු. වෙහෙස, විඩාව. (පි. 480)
විහෙසන
න. හිරිහැරය, කරදරය. (පි. 480)
විළඞ්ග
න. වළඟසාල්, විඩඞ්ග. (පි. 480)
විළාර
පු. බිලාර, බළලා. (පි. 478)
වී
√ භු. චලනාදිසු, සැලීම් ආදියෙහි, වෙති, සැලෙයි, අනුභව කරයි.
√ කි. තනතු, සන්තාන, නූල් කැටීමෙහි, විවීමෙහි, විනාති, වියයි, නූල්කටියි. (පි. 480)
වීඝාටිත
ති. ගලපනලද, සමන්නනලද. (පි. 467)
වීච්ඡා
ඉ. වීප්සාව, ආසාව, කැමැත්ත. (පි. 480)
වීචි
ඉ. රැළ, සිදුර. (පි. 480)
වීජ
√ භු. වීජනෙ, පවන් සැලීමෙහි, පවන් සලයි. (පි. 480)
වීජති
ක්රි. (√ භු. වීජ, වීජනෙ, පවන් සැලීමෙහි +ති) පවන් සලයි. (පි. 480)
වීජන
න. පවන් සැලීම, පවන් ගැසීම. (පි. 480)
වීජනී
ඉ. විජිනිපත, පවන් අත්ත, වටාපත, අවාන. (පි. 480)
වීණ
ඉ. වීණාව, වෙණ. (පි. 480)
වීණාගුණ
පු. වීණා තත්. (පි. 480)
වීණාදොණී
ඉ. වීණාකඳ, වීණා ඔරුව. (පි. 480)
වීණාවාදන
න. වෙණ වැයීම, වීණා ගෑම. (පි. 480)
වීණාවාදී
පු. වෙණ වයන්නා, වීණා ගායකයා (පි. 480)
වීත
න. විගත, පහවනලද, වියමන. (පි. 481)
වීතතණ්හ
පු. පහවූ තෘෂ්ණා ඇත්තා, බුදුරජ රහත්හු. (පි. 481)
වීතදර
පු. පහවූ දරථ ඇත්තා (පි. 481)
වීතදරථ
පු. පහවූ දරථ ඇත්තා. (පි. 481)
වීතදොස
පු. පහවූ දොස ඇත්තා, දොස් නැත්තා. (පි. 481)