සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 837

වීතරාග

පු. පහකළ රාග ඇත්තා, බුදුරජ, රහත්හු. (පි. 481)

වීතිනාම

කල්යැවීම, කල්ගත කිරීම. (පි. 481)

වීතිනාමෙති

ක්‍රි. කල්ගෙවයි, කල් යවයි, පසුකරයි. (පි. 481)

වීතිපතති

ක්‍රි. (√ භු. පත පතනෙ, වැටීමෙහි +ති) ඉක්මවයි, කල්යවයි, ඉක්මවයි. (පි. 481)

වීතිපතන

න. වීතිනාමය, ඉක්මවීම. (පි. 481)

වීතිවත්තන

න. ඉක්මවීම, පසුකිරීම. (පි. 481)

වීතිසාරෙත්වා

අ. කටයුතු නිමවා, කටයුතු ඉවරකර. (පි. 481)

වීතිසාරෙති

ක්‍රි. (√ භු. සර, චින්තායං, සීතිමෙහි +ණෙ+ති) කටයුතු නිමවයි කටැටි ඉවරකරයි. (පි. 481)

වීථි

ඉ. මාර්‍ගය, වීදිය, පෙළ. (පි. 481)

වීථිචිත්ත

න. වීථිචිත්තය. (පි. 481)

වීද්දෙස

පු. වෛරය. (පි. 470)

වීමංසන

න. සෙවීම = පරීක්ෂණය. (පි. 481)

වීමංසා

ඉ. තීරණප්‍ර‍ඥාව. (පි. 481)

වීර

√ චු. වික්කමෙ වික්‍ර‍මයෙහි, වීරෙති, වීරයති, වික්‍ර‍මය කරයි.
පු. එනම් නාට්‍ය රසය, ශූරයා, සාහසික යෝධයා. (පි. 481)

වීරඞ්ගරූප

පු. දෙවපුත්‍ර‍යන් වැනි ශරීර ඇත්තා. (පි. 481)

වීරු

ති. බොහෝ පත්‍ර‍ ඇතිවැල. (පි. 481)

වීස

√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, වීසති, ශබ්ද කරයි. (පි. 481)

වීසති

ඉ. විංසති, විස්සයි, 20.
ක්‍රි. ශබ්ද කරයි. (පි. 481)

වීහ

√ භු. ගුණකථනෙ, ගුණ කීමෙහි, වීභති ගුණ කියයි. (පි. 481)

වීහි

ඉ. වී, ධාන්‍යය. (පි. 481)

වීළ

√ චු. ලජ්ජායං, ලජ්ජාවීමෙහි. (පි. 481)

වීළිත

ති. ව්‍රීඩිත, ලජ්ජා ප්‍රාප්තයා, ලජ්ජාවට පැමිණියහු. (පි. 481)

වු

√ භු. ඡාදනෙ, වැසීමෙහි, වුණොති වසයි. (පි. 481)

වුච්චති

ක්‍රි. (√ භු. වද, වචනෙ, කීමෙහි +ති) කියනු ලැබේ. (පි. 481)