සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 838

වුච්චමාන

පු. කියනු ලබන, කියන, කියන්නේ. (පි. 481)

වුට්ඨාන

න. නැගීම, උස්වීම. (පි. 481)

වුට්ඨි

ඉ. වැස්ස = වර්‍ෂාව. (පි. 481)

වුට්ඨිත

ති. නැගී සිටි, අවදිවූ, ‘පටිසල්ලානො වුට්ඨිතො.’ (පි. 481)

වුට්ඨිනිප්පජ්ජනක

පු. අහස්දියෙන් නිපන් ශස්‍යවත් ප්‍රදේශය. (පි. 481)

වුඩ්ඪ

පු. වෘද්ධ, ප්‍රාඥ, පණ්ඩිත, වැඩ. (පි. 481)

වුත්ත

ති. කියන ලද, දෙසන ලද. (පි. 481)

වුත්තන්න

පු. වෘත්තාන්තය = වාර්‍තාව. (පි. 481)

වුත්ති

ඉ. හිසකේ බෑම, ජීවිකාවෘත්තිය, බීජ රෝපණය, වපසමකිරීම, කීම, බන්ධන මුක්තිය, අධ්‍යයන ආදිය. (පි. 481)

වුති

ඉ. ආවරණය. (පි. 481)

වුද්ධි

ඉ. වැඩීම, වෘද්ධිරොගය, අභිවෘද්ධිය. (පි. 481)

වුද්ධිරොග

පු. වෘද්ධිරෝගය, අණ්ඩවාතරෝගය. (පි. 481)

වුධු

√ භු. වුද්ධියං, වැඩීමෙහි. (පි. 481)

වුය්හන

න. ඉවසීම. (පි. 481)

වුය්හමාන

පු. උසුලනු ලබන. (පි. 481)

වුල

√ චු. නිමජ්ජනෙ, ගැලීමෙහි, වොලෙති, වොලයති, ගැලෙයි. (පි. 481)

වුස

පු. ගොණා. (පි. 481)

වුසිත

ති. වාසය කළ, වැඩනිමවන ලද, “වුසිතං බ්‍ර‍හ්මචරියං” (පි. 481)

වුසීමත

ති. වැසූ, වාසය ඇති, වාසය කළ. (පි. 481)

වූපකට්ඨ

ති. හුදකලා විහරණ ඇති, තනිව වසන. (පි. 482)

වූපසන්ත

ති. සංසිඳුනු = සංසුන්. (පි. 482)

වූපසම

පු. සංසිඳීම. (පි. 482)

වූපසමන

න. සංසිඳීම, උපසමනයවීම. (පි. 482)

වූළ්හ

ති. ගසාගෙන ගිය, රැගෙන ගිය. (පි. 482)