සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 839

වෙ

√ භු. තන්තුසන්තානෙ වීමෙහි, වායති, වියයි.
√ භු. සුක්ඛෙ, වියලීමෙහි, වායති, වියලයි.
අ. ඒකාන්ත, පදපූරණයෙහි (පි. 482)

වෙකටික

පු. විකට අනුභව කරන්නා, විකට නම් අසුචිය. (පි. 482)

වෙකල්ල

න. විකලබව. (පි. 482)

වෙක්ඛ

√ භු. ඔලොකනෙ, බැලීමෙහි, වෙක්ඛති, බලයි. (පි. 482)

වෙක්ඛති

ක්‍රි. (√ භු. වෙක්ඛ, ඔලොකනෙ, බැලීමෙහි +ති) බලයි, නිරීක්ෂණය කරයි. (පි. 482)

වෙකුණ්ඨ

පු. වෛකුණ්ඨි, විෂ්ණු. (පි. 482)

වෙග

පු. ජවය, ප්‍ර‍වාහය. (පි. 482)

වෙගසා

ති. ජවයෙන්, ප්‍ර‍වාහයෙන්. (පි. 482)

වෙගී

පු. ශීඝ්‍ර‍ ජව ඇත්තා, ඉක්මන් ගමන් ඇත්තා. (පි. 482)

වෙචිකිච්ඡි

ති. විචිකිච්ඡා ඇත්තා, (පි. 482)

වෙචිත්ත

න. සිතේ කලබල ගතිය, නොසන්සුන් සිත. (පි. 482)

වෙජයන්ත

පු. ශක්‍ර‍යාගේ පහය, ශක්‍ර‍යාගේ රථය. (පි. 482)

වෙජයන්තිකා

ඉ. තිටිඟ (පි. 482)

වෙජ්ජ

පු. වෙදා, වෙදකම් කරන්නා. (පි. 482)

වෙජ්ජකම්ම

න. වෙදකම, වෙදකම් කිරීම. (පි. 482)

වෙජ්ඣන

ඉලක්කය. (පි. 482)

වෙට

√ චු. ඡෙදනෙ, සිඳීමෙහි, වෙටෙති, වෙටයති, සිඳියි. (පි. 482)

වෙටෙති

ක්‍රි. √ ඡෙදනෙ, සිඳීමෙහි +ති සිඳියි. (පි. 482)

වෙඨ

√ භු. වෙඨනෙ, වෙළීමෙහි, වෙඨති, වෙළයි.
√ චු. වෙඨනෙ, වෙළීමෙහි, වෙඨෙති, වෙඨති, වෙළයි. (පි. 482)

වෙඨන

න. වෙළුම, නළල් පට, හිස් වෙළුම. (පි. 482)

වෙඨන්ත

පු. වීණාදණ්ඩ. (පි. 482)

වෙඨිත

ති. වෙළන ලද, ඔතන ලද්ද. (පි. 482)

වෙණ

පු. දෙවදාලිය, ගැවසූ කෙශය.
පු. කුළුපොත්තා, හුණුබට ආදියෙන් භාණ්ඩ සාදන්නා. (පි. 482)

වෙණවික

පු. කුළුපොත්තා. (පි. 482)