සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 835
විසෙසාධිගම
පු. විසෙසාවබෝධය, මාර්ගඵලාදී අධිගමය. (පි. 479)
විසෙසිත
ති. වෙනස් කළ, වෙසෙසනලද. (පි. 479)
විසොක
ති. සොවින් තොර, ශොකයෙන් තොර. (පි. 479)
විසොධන
න. සුද්ධකිරීම, පාරිසුද්ධිකරණය. (පි. 479)
විසොධිත
ති. පිරිසිදුකළ, සුද්ධකළ. (පි. 479)
විසොසති
ක්‍රි. (√ භු. සුසං, සොසතෙ, වියලීමෙහි +ති) වියලයි, වේලයි. (පි. 479)
විහඞ්ග
පු. අහසෙහි යන්නා = පක්ෂියා.
න. බෙදීම, වර්ග කිරීම, කොටස් කිරීම. (පි. 480)
විහඞ්ගම
පු. අහසෙහි යන්නා = සියොතා විහඟ (පි. 480)
විහඟ
පු. අහසෙහි යන්නා = පක්ෂියා. (පි. 480)
විහඟාධිප
පු. අහසෙහි අධිපතියා, ගුරුළු රාජයා = ගුරුළා. (පි. 480)
විහඤ්ඤති
ක්‍රි. (√ භු. හන, ඝාතෙ, නැසීමෙහි +ති) නැසෙයි = මැරෙයි. (පි. 480)
විහත
ති. නසන ලද, මරණ ලද. (පි. 480)
විහත්ථ
පු. ආකුල, අවුල්වූ. (පි. 480)
විහනන
න. නැසීම, ඝාතනය. (පි. 480)
විහරණ
න. වාසය = වැසීම = පැවැත්ම. (පි. 480)
විහරති
ක්‍රි. (√ භු. හර, හරණෙ, හැරීමෙහි +ති) වෙසේ, වාසය කෙරේ. (පි. 480)
විහායස
පු. ආකාශය, අහස, ගුවන. (පි. 480)
විහායිත
න. ත්‍යාගය, තෑග්ග. (පි. 480)
විහාර
පු. දිව්‍ය විහාරාදිය, තථාගතාවාසය = බුද්ධාලය, ඉරියාපථ පැවැත්වීම, වාසස්ථානය ක්‍රීඩා. (පි. 480)
විහිංසන
න. වෙහෙස = හිංසාව, පීඩාව. (පි. 480)
විහිංසා
ඉ. වෙහෙස, පීඩාව. (පි. 480)
විහිංසාධාතු
ඉ. විහිංසාව පිළිබඳව චිත්තයාගේ පැවැත්ම. (පි. 480)
විහිත
ති. කරන ලද, කළ. (පි. 480)
විහීත
න. නීච, අධම. (පි. 480)