බුද්ධදත්ත පාලි අකාරාදිය – 104

ආතඞ්කී

පු. රෝගියා.

ආතත

න. එක් මූණතක් ඇති බෙරය.

ආතතවිතත

න. සම්පූර්ණයෙන් සමින් වැසූ බෙරය.

ආතත්ත

3. තැවුණු; රත් වූ.

ආතප

පු. අව්ව.

ආතපත්ත

න. කුඩය.

ආතපති

(ආ+තප+අ) තැවේ.

ආතප්ප

පු. වීර්‍යය.

ආතාප

පු. උත්සාහය; තැවීම; රත් කිරීම; සිත් තැවුල.

ආතාපන

න. තැවීම; දුක් දීම.

ආතාපී

3. කෙලෙස් තවන්නා; වීර්‍යය ඇත්තා.

ආතාපෙති

(ආ+තප+ණෙ) තවයි; රත් කරයි.

ආතාපෙන්ත

3. තවන; තවමින්.

ආතිථෙය්‍ය

න. ආගන්තුක සත්කාරය.

ආතුම

පු. ආත්මය; තෙමේ.

ආතුර

3. ගිලන් වූ; මැඩුණු; රෝගී වූ.

ආථබ්බණික

3. හූනියම් ආදිය කරන්නා.

ආදර

පු. ආදරය; ප්‍රේමයෙන් සැලකීම.

ආදා

පූ.ක්‍රි. ගෙන.

ආදාතබ්බ

න. ගතයුතු දෙය.
3. ගතයුතු.

ආදාති

(ආ+දා+අ) ගනී.

ආදාතුං

නි. ගන්ට.

ආදාන

න. අල්ලා ගැන්ම; ගැන්ම.

ආදාය

පූ.ක්‍රි. ගෙන.