බුද්ධදත්ත පාලි අකාරාදිය – 113

ආයාචිය

පූ.ක්‍රි. ඉල්වා.

ආයාත

3. ආවා වූ; පැමිණි.

ආයාම

පු. දිග.

ආයාස

පු. කරදරය; වෙහෙස.

ආයු

න. ආයුෂය; වයස.

ආයුක

3. වයස් ඇති.

ආයුකප්ප

පු. ආයුෂ ප්‍රමාණය.

ආයුක්ඛය

පු. ආයුෂ ගෙවී යාම.

ආයුත්ත

3. යෙදුණු; සම්බන්ධ කළ.

ආයුත්තක

පු. අනිකෙකු වෙනුවෙන් පෙනී සිටින්නා; නියෝජිතයා.

ආයුධ

න. ආයුධය; ශස්ත්‍රය.

ආයුසඞ්ඛය

පු. ආයුෂ ගෙවීම.

ආයුසඞ්ඛාර

පු. ආයුෂය පැවැත්මට ඇති ශක්තිය.

ආයුස්ස

3. ආයුෂ වැඩීමට හිතවත් (දෙය).

ආයූහක

3. රැස් කරන්නා; වීර්‍ය වඩන්නා.

ආයූහති

(ආ+ඌහ+අ) උත්සාහ කෙරේ; පිහිනයි; රැස් කෙරේ.

ආයූහන

න. උත්සාහ කිරීම; පීනීම; රැස් කිරීම.

ආයූහමාන

3. පීනමින්; රැස් කරන.

ආයූහිත

3. උත්සාහ කළ; රැස් කළ.

ආයූහිත්වා

පූ.ක්‍රි. උත්සාහ කොට.

ආයොග

පු. උරහිසේ යමක් එල්ලීමට යොදන පටිය; පිළිපැදීම; යෙදීම.

ආර

පු. ඉදි කටුව.

ආරකත්ත

3. දුරු කළ බව.

ආරක්ඛක

3. රකින; පු. මුර කරන්නා; රකින්නා.