බුද්ධදත්ත පාලි අකාරාදිය – 14

අට්ඨම

3. අටවෙනි.

අට්ඨමක

3. අටවෙනි.

අට්ඨාන

න. අයෝග්‍ය ස්ථානය.

අට්ඨාරස

3. අ‍ටළොස; දහඅට.

අට්ඨාසි

සිටියේය.

අට්ඨි

න. ඇටකටු; ඇටය.

අට්ඨිකඞ්කල

පු. ඇටසැකිල්ල.

අට්ඨිකත්වා

පූ.ක්‍රි. මනාසේ මෙනෙහිකොට.

අට්ඨිකල්‍යාණ

න. ඇට හෝ දත්වල යහපත් පිහිටීම.

අට්ඨිත

3. නො පිහිටි; නො සිටි.

අට්ඨිමය

3. ඇටවලින් සෑදූ.

අට්ඨිමිඤ්ජා

ඉ. ඇ‍ට මිදුලු.

අට්ඨිසඞඝාට

පු. ඇටසැකිල්ල.

අට්ඨිසඞ්ඛලිකා

ඉ. ඇටසැකිල්ල.

අඩ්ඪ

3. ආඪ්‍ය; පු. අඩ; දෙකෙන් කොටස; ධනවත්; භාගය.

අඩ්ඪතිය

පු. දෙකහමාර.

අඩ්ඪතෙය්‍ය

පු. අඩකින් තුන පිරෙන; දෙකහමාරක් වූ.

අඩ්ඪදණ්ඩක

පු. දෙකට පැළු දණ්ඩ.

අඩ්ඪමාස

අඩමස; දෙසතිය.

අඩ්ඪමාසක

පු. මස්ස නම් කාසියෙන් භාගය.

අඩ්ඪයොග

පු. ගුරුළු පියාපත් වැනි වහලක් ඇති ගෙය.

අඩ්ඪරත්ත

පු. මධ්‍යම රාත්‍රිය.

අඩ්ඪුඩ්ඪ

පු. තුනහමාර.

අණ්ඩ

න. පුරුෂ බීජය; බිත්තරය.