බුද්ධදත්ත පාලි අකාරාදිය – 15

අණ්ඩක

3. ගැට සහිත.
න. බිත්තරය.

අණ්ඩජ

පක්ෂියා; සර්පයා.
3. බිජුවෙන් හටගත්.

අණ්ඩුපක

න. දරණුව.

අණ්ණ

පු. ජලය.

අණ්ණව

පු. මුහුද.

අණ්හ

පු. දවස.

අණු

3. අත්‍යල්පවූ; පු. ඉතා කුඩා දෙය; පරමාණුව.

අණුක

3. ඉතාකුඩා.

අණුමත්ත

3. අති ස්වල්ප වූ.

අතක්කාවචර

3. තර්කයට ගොදුරු නොවූ; තර්කයෙන් නො සෙවිය හැකි.

අතච්ඡ

න. අසත්‍ය; බොරුව.

අතත්පටිලාභ

පු. ඉපදීම.

අතන්දි

3. මැලි බවක් නැති.

අතන්දිත

3. මැලි බවක් නැති.

අතප්පිය

3. තෘප්තියට පැමිණිවිය නො හැකි.

අතරමාන

3. ඉක්මන් නො වෙන; ඉක්මන් නො වෙමින්.

අත්ත

පු. ආත්මය; තෙමේ.

අත්තකාම

3. තමාගේ අභි‍වෘද්ධිය කැමති.

අත්තකාර

පු. තමා කළදේ.

අත්තකිලමථ

පු. ශරීරයට දුක්දීම.

අත්තගුත්ත

3. තමාවිසින් රක්නාලද.

අත්තඝඤ්ඤ

න. ආත්ම විනාශය; තමාට විපත් පැමිණවීම.

අත්තජ

3. තමාගෙන් හටගත්.
පුත්‍රයා.

අත්තත්ථ

පු. තමාගේ යහපත.