බුද්ධදත්ත පාලි අකාරාදිය – 23

අදොස

පු. ද්වෙෂ නො කිරීම; මෛත්‍රිය.

අධම

3. නීච; පහත්.

අධමණ්ණ

පු. ණයගත් අ‍ය.

අධම්ම

පු. අධර්ම; දුශ්චරිතය.

අධර

3. පහත්; යට; පු. තොල.

අධාගත

3. යටට පැමිණි.

අධික

3. ඉතා; උසස්; වැඩි.

අධිකත

3. භාරව සිටින.

අධිකතර

3. ඉතා අධික වූ.

අධිකරණ

න. නඩුව.

අධිකරණං

ක්‍රි.වි. හේතුකොට ගෙන.

අධිකරණකාරක

පු. නඩු කියන්නා; පැමිණිලි කාරයා.

අධිකරණය

න. විවාදය; හේතුව.

අධිකරණසමථ

පු. නඩු විනිශ්චය; විවාද සංසිඳවීම.

අධිකරණික

පු. විනිශ්චයකාරයා.

අධිකරණී

ඉ. යකඩ වැඩ කරන්නාගේ කිණිහිර.

අධිකාර

පු. ප්‍රාර්ථනාව; පාලනය.

අධිකොට්ටන

න. දංගෙඩිය; මස් තබා කපන කොටය.

අධිගච්ඡති

(අධි+ගමු+අ) අවබොධකරයි; ලබයි.

අධිගණ්හාති

(අධි+ගහ+ණ්හ) අධිගෘහිත වෙයි; අයිතිකරගනී.

අධිගත

3. අවබෝධකළ; ලැබූ.

අධිගම

පු. අවබෝධය; ලැබීම.

අධිගමෙති

(අධි+ගමු+ණෙ) අවබෝධකරයි.

අධිග්ගහිත

3. අයිතිකරගත්.