බුද්ධදත්ත පාලි අකාරාදිය – 24
අධිච්ච
පූ.ක්රි. ඉගෙන; හදාරා.
අධිච්චසමුප්පන්න
3. හේතුවක් නැතිව හටගත්.
අධිචිත්ත
න. උසස්සිත; සමාධිය.
අධිට්ඨහති
(අධි+ඨා+අ) අධිෂ්ඨාන කරයි; සිත ස්ථිර ලෙස පිහිටුවයි.
අධිට්ඨහන්ත
අධිෂ්ඨාන කරන; අධිෂ්ඨාන කරමින්.
අධිට්ඨහිත්වා
පූ.ක්රි. අධිෂ්ඨාන කොට; ඉටා.
අධිට්ඨාතබ්බ
3. අධිෂ්ඨාන කළයුතු.
අධිට්ඨාති
(අධි+ඨා+අ) අධිෂ්ඨාන කරයි.
අධිට්ඨාන
න. ස්ථිර නිශ්චය.
අධිට්ඨාය
පූ.ක්රි. අධිෂ්ඨාන කොට; ඉටා.
අධිට්ඨායක
පු. පාලකයා.
අධිට්ඨිත
3. අධිෂ්ඨාන කළ; නිත්යවාසයට පත්.
අධිප
පු. අධිපතියා; ස්වාමියා.
අධිපඤ්ඤා
ඉ. උසස් ප්රඥාව.
අධිපතති
(අධි+පත+අ) අධික සේ වැටේ; වහා ඉක්මවයි.
අධිපතන
න. පහරදීම; මත්තෙහි වැටීම.
අධිපති
පු. නායකයා; පාලකයා; ස්වාමියා.
අධිපන්ත
3. අතුළට වැදුණු; පෙළුණු.
අධිප්පාය
පු. අදහස.
අධිප්පෙත
3. අදහස් කළ.
අධිපාත
පු. විනාශකිරීම; හෙළීම.
අධිපාතක
පු. පනින කුඩා සතා; බලුමැක්කා.
අධිපාතිකා
ඉ. පනින කුඩා සතා.
අධිපාතෙති
(අධි+පත+ණෙ) නසයි; බිඳදමයි.