බුද්ධදත්ත පාලි අකාරාදිය – 22
අද්දක්ඛි
දුටුවේය.
අද්දස
ඉක්බිති.
අද්දසා
ඉක්බිති.
අද්දි
පු. පර්වතය.
අද්දිත
3. පෙළුණු; වැඩුණු.
අද්ධ
පු. අඩ; භාගය.
අද්ධගූ
පු. මඟියා.
අද්ධනිය
3. ගමනට සුදුසු; දීර්ඝ කාලයක් පවත්නා.
අද්ධමාස
පු. අඩමස; දෙසතිය.
අද්ධමාසික
3. අඩමසක් පාසා පවත්වන.
අද්ධා
නි. ඒකාන්තයෙන්.
පු. කාලය; මාර්ගය.
අද්ධාන
න. දීර්ඝ මාර්ගය.
අද්ධික
පු. මඟියා.
අද්ධුව
3. අස්ථිර; නිත්ය නොවූ.
අද්වෙජ්ඣ
3. දෙයාකාරයක් නැති.
අදා
අ.ක්රි. දුන්නේය.
අදිට්ඨ
3. නො දුටු.
අදිත්ත
3. අවිල ගත්.
අදිති
ඉ. දේවමාතාව.
අදින්න
3. නො දුන්.
අදින්නාදාන
න. නො දුන්දෙය ගැනීම; සොරකම.
අදු
3. අසවල්.
අදූසක
3. දූෂණය නො කරන.
අදූහක
3. මිත්රද්රෝහී නොවූ.