බුද්ධදත්ත පාලි අකාරාදිය – 21

අතිවිජ්ඣති

(අති+විධ+ය) අ‍වබෝධ කරයි; විනිවිද දකියි.

අතිවිය

නි. අතිශයෙන්.

අතිවිසා

ඉ. ඉවද; මහෞෂධ.

අතිවෙලං

ක්‍රි.වි. අධිකවෙලාවක්.

අතිසය

3. අධික වූ; උසස් වූ; පු. අධික බව.

අතිසායං

ක්‍රි.වි. ඉතා සවස්හි.

අතිසාර

පු. අතීසාර රෝගය; ඉක්මවා යෑම.

අතිසුණ

පු. පිස්සු බල්ලා.

අතිහරති

(අති+හර+අ) ගමන් කරයි; ගෙන යයි.

අතීච

නි. ඉතාම.

අතීත

3. ඉකුත් වූ; පසුගිය; පු. පසුගිය කාලය.

අතීතිහ

3. අනුන්ගේ කීම් නැතිව තමාම අවබොධ කළ.

අතීරදස්සී

3. තෙරක් නො දක්නා.

අතො

නි. එහෙයින්; මෙතැනින්; මෙයින්.

අථ

නි. ඉක්බිති.

අථො

නි. ඉක්බිති.

අදක

3. කන්නා; පු. කන්නා.
කන (කෑම).

අදති

(අද+අ) අනුභව කරයි; කයි.

අදදි

අ.ක්‍රි. දුන්නේය.

අදන

න. කෑම.

අදන්ත

3. කන; කමින්; නො හික්මුණු.

අදස්සන

න. නො දැක්ම.

අද්ද

3. අමු; නො වේළුණු.

අද්දක

න. අමු ඉඟුරු.