බුද්ධදත්ත පාලි අකාරාදිය – 238

ගණෙති

(ගණ+ණෙ) ගණන් කරයි; සලකා බලයි.

ගණෙන්ත

3. ගණන් කරමින්.

ගත

න. ගමන; යාම.
3. ගිය; පසුගිය.

ගතට්ඨාන

න. ගිය තැන.

ගතත්ත

න. ගිය බව.

ගතද්ධ

3. ගමන අවසන් කළ; ගිය මං ඇති.

ගතද්ධී

3. ගමන අවසන් කළ; ගිය මං ඇති.

ගතභාව

පු. ගිය බව.

ගතයොබ්බන

3. ගත වූ තරුණ බව ඇති; මහලු වූ.

ගත්ත

න. ශරීරය.

ගති

ඉ. උපදනා තැන; ගමන; පවැත්ම; පිහිට; යාම.

ගතිමන්තු

3. යහපත් පැවතුම් ඇති.

ගථිත

3. ඉතා ඇලුණු; ඉතා බැඳුණු; මුළා වූ.

ගද

පු. රෝගය; ශබ්දය.

ගදති

(ගද+අ) කියයි.

ගද්දුල

පු. දම්වැල; සම් පටිය.

ගද්දුහන

න. කිරි දොවීම; තනපුඩුව වරක් ඇදීම.

ගද්‍රභ

පු. කොටළුවා.

ගදා

ඉ. ගදායුධය; යකඩ පොල්ල.

ගදිත 3

කියන ලද.

ගධිත

3. ඉතා ඇලුණු; ඉතා බැඳුණු; මුළා වූ.

ගන්තබ්බ

3. යා යුතු.

ගන්ත්වා

පූ.ක්‍රි. ගොස්.

ගන්තු

පු. යන්නා.