බුද්ධදත්ත පාලි අකාරාදිය – 239

ගන්තුං

නි. යන්ට.

ගන්ථ

පු. බැම්ම.
පු. ග්‍රන්ථය; ගෙතීම; පොත.

ගන්ථකාර

පු. පොත් ලියන්නා.

ගන්ථධුර

න. පොත් පත් ඉගෙනීම හා ඉගැන්වීම.

ගන්ථන

න. ගෙතීම; පිළියෙළ කිරීම.

ගන්ථප්පමොචන

න. සසර බැමි දුරු කිරීම.

ගන්ථිත

3. ගොතන ලද; බඳින ලද.

ගන්ථෙත්වා

පූ.ක්‍රි. ගොතා; වෙළා.

ගන්ථෙති

(ගන්ථ+ණෙ) ගාතයි; වෙළයි.

ගන්ථෙන්ත

3. ‍ගොතමින්.
3. ගොතන.

ගන්ධ

පු. ගඳ; නාසයට අමුණු වන දෙය.

ගන්ධකරණ්ඩක

පු. සුවඳ පෙට්ටිය.

ගන්ධකුටි

ඉ. බුදුන් විසූ ගෙය; සුවඳ ගෙය.

ගන්ධචුණ්ණ

න. සුවඳ සුණු.

ගන්ධජාත

න. සුවඳ වර්ගය.

ගන්ධතෙල

න. සුවඳ තෙල.

ගන්ධපඤ්චඞ්ගුලක

න. සුවඳ කුඩු තවරාගත් ඇඟිලි පසේ සටහන.

ගන්ධබ්බ

න. තූර්ය වාදනය.
පු. අන් තැනක ඉපදීමට යොග්‍යව සිටින්නා; ගන්ධර්වයා; තූර්ය වාදකයා.

ගන්ධමාදන

පු. එනම් ඇති පර්වතය.

ගන්ධසාර

පු. සඳුන් ගස.

ගන්ධාපණ

පු. සුවඳ විකුණන සල්පිළ.

ගන්ධාර

න. ගන්ධාර රට.

ගන්ධාරී

ඉ. ගන්ධාර දේශයට අයත්.

ගන්ධික

3. සුවඳැති; පු. සුවඳ වෙළෙන්දා.