බුද්ධදත්ත පාලි අකාරාදිය – 240

ගන්ධී

3. සුවඳැති; පු. සුවඳ වෙළෙන්දා.

ගන්ධොදක

න. සුවඳ කළ පැන්.

ගබ්බීත

3. උඩගු; ගර්විත.

ගබ්භ

පු. කාමරය.
පු. කුස; දරු ගැබ.

ගබ්භගත

3. කාමරයට පැමිණි; කුසට පැමිණි; පිළිසිඳට පැමිණි.

ගබ්භපරිහරණ

න. දරුගැබ රැකීම.

ගබ්භපරිහාර

පු. දරුගැබ රැකීම.

ගබ්භපාතන

න. ගැබ නැසීම; දරු ගැබ හෙළීම.

ගබ්භමල

න. දරුවා බිහිවන විට පිටවන අපවිත්‍ර දෙය.

ගබ්භර

න. ගුහාව.

ගබ්භවුට්ඨාන

න. දරුවා බිහිවීම.

ගබ්භසෙය්‍යක

3. මවුකුසින් උපදින.

ගබ්භසෙය්‍යා

ඉ. මවුකුස පිළිසිඳ ගැන්ම.

ගබ්භාවක්කන්තිත

ඉ. කුසෙහි පිළිසිඳ ගැන්ම.

ගබ්භාසය

පු. කුසෙහි දරු ගැබ ඇතිවන කෝෂය.

ගබ්භිනී

ඉ. දරු ගැබ් ඇත්තී.

ගභීර

3. ගැඹුරු.

ගමන

න. ඇවිදීම; යාම.

ගමනාගමන

න. යාම ඒම.

ගමනීය

3. යා යුතු.

ගම්භිරාවහාස

3. ගැඹුරු සේ පෙනෙන.

ගම්භීර

3. ගැඹුරු; සියුම්.

ගම්භීරතා

ඉ. ගැඹුරු බව.

ගම්ම

3. අවබෝධ කළයුතු; ග්‍රාම්‍ය; පහත්; යා යුතු.