බුද්ධදත්ත පාලි අකාරාදිය – 241

ගමික

3. යන; යා යුතු; පු. ගමන් යන්නා.

ගමිකවත්ත

න. දුර ගමන්ක් යන්නෙකු විසික් කළ යුතු දෙය.

ගමිය

3. යන; යා යුතු; පු. ගමන් යන්නා.

ගමෙති

(ගමු+ණෙ) අවබෝධ කරයි; පමුණුවයි; යවයි.

ගය්හ

3. අල්ලා ගත යුතු; ගත යුතු.

ගය්හති

(ගහ+ය) අල්වනු ලැබේ; ගනු ලැබේ.

ගය්හමාන

3. ගනු ලබන.

ගරහති

(ගරහ+‍අ) ගර්හා කෙරේ; නින්දා කෙරේ.

ගරහන

න. අවනම්බු කිරීම.

ගරහන්ත

3. ගර්හා කරන; ගර්හා කරමින්.

ගරහමාන

3. ගර්හා කරන; ගර්හා කරමින්.

ගරහා

ඉ. ගර්හාව; නින්දාව.

ගරහාන

න. ගර්හා කිරීම.

ගරහිත්වා

පූ.ක්‍රි. ගර්හා ‍කොට.

ගරහී

3. ගර්හා කරන; පු. නින්දා කරන.

ගරු

3. ගරු කටයුතු; බර වූ; බරපතල; පු. ආචාර්යයා; ගරුවරයා.

ගරුක

3. බර වූ; බරපතළ වූ.

ගරුකරොති

(ගරු+කර+ඔ) ‍ගෞරව කරයි.

ගරුකාර

පු. ‍ගෞරව කිරීම.

ගරුගබ්භා

ඉ. දරු ගැබ ඇත්තී.

ගරුට්ඨානීය

3. ගුරුවරයෙකුට මෙන් සැලකිය යුතු; ‍ගෞරව ස්ථානයෙහි තැබිය යුතු.

ගරුත්ත

න. බර බව; වැදගත් බව.

ගරුළ

පු. ගුරුළා.

ගල

පු. ‍බෙල්ල.