බුද්ධදත්ත පාලි අකාරාදිය – 237

ගණ්ඨි

පු. ගැටය; ගැටලු දෙය; පාසයක දැමිය හැකි බොත්තම් වැනි දෙය.

ගණ්ඨිකා

ඉ. ගැටය; පුරුක; මොල්ලිය; හිස ගසා දැමීම සඳහා තබන ලී කොටය.

ගණ්ඨිට්ඨාන

න. තේරුම් ගැනීමට අපහසු කීම.

ගණ්ඨිපද

න. අමාරු පද තේරීම; ගැටපදය.

ගණ්ඩ

පු. කම්මුල; ගඩ; ගෙඩිය (ඇ‍ෙඟ් සෑදෙන); පිළිකාව.

ගණ්ඩක

පු. කඟවේනා.

ගණ්ඩිකා

ඉ. ගණ්ඨාවක් මෙන් ශබ්ද කිරීම සඳහා ලීයෙන් තැනූ ගෙඩිය.

ගණ්ඩී

3. ගඩු ඇති; සතුන් මරන්නාගේ ලී‍ කොටය.

ගණ්ඩුපාද

පු. ගැඩවිලා.

ගණ්ඩූස

පු. කට පුරවා ගැන්ම.

ගණ්හන්ත

3. ගන්නාවූ; ගනිමින්.

ගණ්හාති

(ගහ+ණ්හා) අල්ලාගනී; ඉගෙන ගනී; ගනී; බාරගනී.

ගණ්හාපෙත්වා

පූ.ක්‍රි. ගන්වා.

ගණ්හාපෙති

(ගහ+ණ්හා+ණාපෙ) අල්ලවයි; ගන්වයි.

ගණ්හිත්වා

පූ.ක්‍රි. අල්වාගෙන; ගෙන.

ගණ්හිතුං

නි. ගන්ට.

ගණ්හිය

පූ.ක්‍රි. අල්වාගෙන; ගෙන.

ගණාචරිය

පු. සමූහයක ගුරුවරයා.

ගණාරාමතා

ඉ. සමූහයෙහි ඇලීම.

ගණිකා

ඉ. වෙශ්‍යා ස්ත්‍රිය.

ගණිත

3. ගණන් කළ.
න. ගණන් ශාස්ත්‍රය.

ගණී

3. පිරිස් ඇත්තා.

ගණෙතබ්බ

3. ගණන් කළ යුතු.

ගණෙත්වා

පූ.ක්‍රි. ගණන් කොට.