බුද්ධදත්ත පාලි අකාරාදිය – 261

චලමාන

3. සෙලවෙන; සෙලවෙමින්.

චලිත

3. සෙලවුණු.

චලිත්වා

පූ.ක්‍රි. සෙලවී.

චවති

(චු+අ) චුත වේ; තිබුණු තැනින් ගිලිහේ; මැරේ.

චවන

න. ගිලිහීම; චුත වීම; වෙන් වී යාම.

චවන්ත

3. චුත වෙමින්.

චවමාන

3. චුත වෙමින්.

චවිත්වා

පූ.ක්‍රි. චුත වී; මැරී ගොස්.

චාග

පු. දීම; පරිත්‍යාගය.

චාගානුස්සති

ඉ. පරිත්‍යාගය සිහිපත් කිරීම.

චාගී

3. පරිත්‍යාග කරන්නා.

චාටි

ඉ. සැළිය.

චාටුකම්‍යතා

ඉ. ඉච්චාබස් කීමට කැමැත්තා.

චාතක

පු. කෑදැත්තා.

චාතුද්දසී

ඉ. චන්ද්‍රමාසයේ දා හතර වෙනිදා; තුදුස්වක.

චාතුද්දිස

3. සිවු දිශාවන්ට අයත්.

චාතුද්දිසක

3. සිවු දිශාවන්ට අයත්.

චාතුද්දීප

3. මහද්වීප සතර සම්බන්ධ වූ.

චාතුද්දීපක

3. මහද්වීප සතර සම්බන්ධ වූ.

චාතුම්මහාපථ

පු. සතරමං සන්ධිය.

චාතුම්මහාභූතික

3. සතර මහා භූතයන්ට සම්බන්ධ වූ.

චාතුම්මහාරාජික

පු. සිව්වරම් රජුන් සම්බන්ධ.

චාතුරිය

න. දක්ෂ බව.

චාප

පු. දුන්න.