බුද්ධදත්ත පාලි අකාරාදිය – 260

චමූනාථ

පු. සේනාපතියා.

චමූපති

පු. සේනාපතියා.

චය

පු. ගොඩනැංවීම; බැඳිම (බැම්මක්); රාශිය; රැස් කිරීම.

චර

3. හැසිරෙන; හැසිරෙන්නා; පු. ඔත්තු බලන්නා; චර පුරුෂයා.

චරක

3. හැසිරෙන්නා.

චරණ

න. පාදය; පැවැත්ම; හැසිරීම.

චරති

(චර+අ) පිළිපදී; හැසිරේ.

චරන්ත

3. හැසිරෙන; හැසිරෙමින්.

චරමාන

3. හැසිරෙන; හැසිරෙමින්.

චරහි

නි. එහෙනම්; දැන්.

චරාපෙති

(චර+ණාපෙ) ඇවිද්දවයි; හසුරුවයි.

චරිත

න. ජීවත් වීම; ජීවන චරිතය; හැසිරීම.

චරිතබ්බ

3. හැසිරිය යුතු.

චරිත්වා

පූ.ක්‍රි. හැසිර.

චරිත්වාන

පූ.ක්‍රි. හැසිර.

චරිතු

පු. හැසිරෙන්නා.

චරිතුං

නි. හැසිරෙන්ට.

චරිම

3. අවසන්හි වූ; පසු වූ.

චරිමක

3. අවසන්හි වූ; පසු වූ.

චරියා

ඉ. පිළිපැදීම; හැසිරීම.

චල

3. සෙලවෙන.

චලති

(චල+අ) කම්පා වේ; සෙලවේ.

චලන

න. කම්පාව; සෙල්ලීම.

චලන්ත

3. සෙලවෙන; සෙලවෙමින්.