බුද්ධදත්ත පාලි අකාරාදිය – 262

චාපල්ල

න. අස්ථිර බව; චපල බව.

චාපල්‍ය

න. අස්ථිර බව; චපල බව.

චාමර

න. චාමරය; සෙමෙර වලිගය.

චාමීකර

න. රත්‍රන්.

චාර

පු. හැසිරීම.

චාරක

3. හසුරුවන; පු. සිරගෙය.

චාරණ

න. හැසිරවීම.

චාරයමාන

3. හසුරුවන; හසුරුවමින්.

චාරිකා

ඉ. ඇවිදීම; ගමන් යාම.

චාරිත්ත

න. සිරිත.

චාරී

3. පිළිපදින්නා; හැසිරෙන්නා.

චාරු

3. මනොඥ; සිත්කලු.

චාරුදස්සන

3. මනා පෙනීමක් ඇති.

චාරෙත්වා

පූ.ක්‍රි. හසුරුවා.

චාරෙති

(චර+ණෙ) ගමන් කරවයි; හසුරුවයි.

චාරෙන්ත

3. හසුරුවන; හසුරුවමින්.

චාල

පු. කම්පාව; හෙල්ලීම.

චාලයමාන

3. සොලවන; සොලවමින්.

චාලෙත්වා

පූ.ක්‍රි. සොලවා.

චාලෙති

(චල+ණෙ) කම්පා කරයි; සොලවයි.

චාලෙතුං

නි. සොලවන්ට.

චාලෙන්ත

3. සොලවන; සොලවමින්.

චාවනා

ඉ. තිබුණු සැටියෙන් ඉවත් කරවීම.

චාවෙත්වා

පු. ක්‍රි චුත කරවා.