බුද්ධදත්ත පාලි අකාරාදිය – 263

චාවෙති

(චු+ණෙ) චුත කරවයි; තිබුණු ආකාරයෙන් ඉවත් කරවයි.

චි

නි. සියල්ල නො ගැනීමේ අර්ථයෙන්.

චිංගුලක

න. රූං පෙත්ත.

චිංගුලායති

රූං පෙත්තක් මෙන් කරකැවේ.

චික්ඛල්ල

න. මඩ; මඩ වතුර.

චිච්චිටායති චිටිචිටායති

චිටි චිටි යන ශබ්ද කරයි.

චිඤ්චා

ඉ. සියඹලා.

චිණ්ණ

3. පුරුදු කළ; රැස් කළ.

චිත

3. රැස් කළ.

චිතක

පු. දරසෑය.

චිත්ත

පු. බක් මස.
න. චිත්‍රකර්මය; සිත; සිතියම; සිතිවිල්ල.

චිත්තක

3. නානා විධ; විසිතුරු වූ.
න. නළලේ තබන තිලකය.

චිත්තකත

3. විසිතුරු කළ; සැරසූ; සිතින් කළ.

චිත්තකථි

3. විසිතුරු කථා ඇත්තා.

චිත්තකථික

3. විසිතුරු කථා ඇත්තා.

චිත්තකම්ම

න. චිත්‍රය; විසිතුරු වැ‍ඩ; සිතියම් කිරීම.

චිත්තක්ඛෙප

පු. පිස්සුව; සිත පෙරළීම.

චිත්තකාර

පු. චිත්‍ර ශිල්පියා; සිත්තරා.

චිත්තතර

3. වඩා විසිතුරු වූ.

චිත්තතා

ඉ. විසිතුරු බව.

චිත්තපස්සද්ධි

ඉ. සිතේ සන්හුන් බව.

චිත්තභොග

පු. මෙනෙහි කිරීම.

චිත්තමුදුතා

ඉ. සිතේ මෘදු බව.

චිත්තවික්ඛෙප

පු. සිත පෙරළීම; සිතේ නො සන්සුන් බව.