බුද්ධදත්ත පාලි අකාරාදිය – 264

චිත්තසන්තාප

පු. සිත් තැවුල; සිතේ තැවීම.

චිත්තසමථ

පු. සිත තැන්පත් කිරීම.

චිත්තාගාර

න. සිතියම් තැන්පත් කොට තබන ගෙය.

චිත්තානුපස්සනා

ඉ. සිතේ පැවැත්ම සලකා භාවනා කිරීම.

චිත්තීකාර

පු. ගෞරව කිරීම.

චිත්තුජ්ජුකතා

ඉ. සිතේ සෘජුබව.

චිත්තුත්‍රාස

පු. සිතේ තැතිගැන්ම.

චිත්තුප්පාද

පු. සිත ඉපදවීම; සිතිවිල්ල.

චිත්‍ර

3. විසිතුරු වූ; පු. බක් මස.

චිති

ඉ. ගොඩ; රැස් කිරීම; සොහොන් ගැබ.

චින්තක

3. සිතන; සිතන්නා; සිතා බලන.

චින්තන

න. සිතිවිල්ල; සිතීම.

චින්තනක

3. සිතන; සිතන්නා; සිතා බලන.

චින්තනීය

3. සිතිය යුතු.

චින්තා

ඉ. සිතිවිල්ල; සිතීම.

චින්තාමණි

පු. සිතුමිණ; සිතූ දෙයක් ලබාදෙන මැණික.

චින්තිත

න. සිතිවිල්ල; සිතූ දෙය.
3. සිතන ලද.

චින්තිය

පූ.ක්‍රි. සිතා.
3. සිතිය යුතු.

චින්තී

3. සිතන්නා.

චින්තෙතබ්බ

3. සිතිය යුතු.

චින්තෙත්වා

පූ.ක්‍රි. සිතා.

චින්තෙති

(චින්ත+ණෙ) සිතයි.

චින්තෙතුං

නි. සිතන්ට.

චින්තෙන්ත

3. සිතන; සිතමින්.