බුද්ධදත්ත පාලි අකාරාදිය – 265
චින්තෙය්ය
3. සිතිය යුතු.
චිනාති
(චි+නා) ගොඩනගයි; බැම්මක් බඳියි; රැස් කරයි.
චිමිලිකා
ඉ. කොට්ට ආදියේ උරය.
චිර
3. කාලයෙන් දීර්ඝ වූ; වැඩිකල්.
චිරං
ක්රි.වි. බොහෝ කලක්; බොහෝ කලක් මුළුල්ලේ.
චිරකාලං
ක්රි.වි. දීර්ඝ කාලයක්.
චිරට්ඨිතික
3. දිගු කලක් පවත්නා.
චිරතරං
ක්රි.වි. වඩා දීර්ඝ කාලයක්.
චිරදික්ඛිත
3. පැවිදි වී බොහෝ කල් ගත වූ.
චිරනිවාසී
3. දිගු කලක් වසන්නා.
චිරපබ්බජිත
3. පැවිදි වී බොහෝ කලක් ගත වූ.
චිරප්පවාසී
3. බොහෝ කලක් ගමෙන් පිට විසූ.
චිරරත්තං
ක්රි.වි. දීර්ඝ කාලයක්.
චිරරත්තාය
ක්රි.වි. දිගු කලකට.
චිරස්සං
නි. දිගු කලක් මුළුල්ලේ; දිගු කලකින්.
චිරායති
(නාමධාතු) කල් ගත කරයි; සුනන්ගු වේ.
චිරායන්ත
3. කල් ගත කරන්නේ.
චිරායිත්වා
පූ.ක්රි. කල් ගත කොට.
චිරෙන
ක්රි.වි. බොහෝ කලකින්.
චීනපිට්ඨ
න. රත් සිරියල්.
චීනරට්ඨ
න. චීන රට.
චීර
න. නූල (පොතු ආදියෙන් තැනූ); පටිය (පොතු ආදියෙන් තැනූ); හීන් තීරුව (පොතු ආදියෙන් තැනූ).
චීරක
න. නූල (පොතු ආදියෙන් තැනූ); පටිය (පොතු ආදියෙන් තැනූ); හීන් තීරුව (පොතු ආදියෙන් තැනූ).
චීරී
ඉ. රැහැය්යා.