බුද්ධදත්ත පාලි අකාරාදිය – 266

චීවර

න. කසට පෙවූ වස්ත්‍රය; කසාවත; සිවුර.

චීවරකණ්ණ

න. සිවුරු කොණ.

චීවරකම්ම

න. සිවුරු මැහීම කැපීමාදිය.

චීවරකාර

පු. සිවුරු සාදන්නා.

චීවරදාන

න. සිවුරුදීම.

චීවරදුස්ස

න. සිවුරු මැහීමට වස්ත්‍ර.

චීවරරජ්ජු

ඉ. සිවුරු දමන වැල.

චීවරවංස

පු. සිවුරු දැමීමට යෙදූ උණ ලීය.

චුණ්ණ

න. කුඩු; චූර්ණය; සුණු.

චුණ්ණ විචුණ්ණ

3. කැඩී පොඩිවී ගිය; සුණු විසුණු වූ.

චුණ්ණක

න. මූ‍ණේ ගෑම් ආදියට පිළියෙළ කළ වත්සුණු ආදිය.

චුණ්ණකචාලනී

ඉ. පෙනේරය.

චුණ්ණිත

3. කුඩු කරන ලද.

චුණ්ණියමාන

3. කුඩු කරනු ලබන.

චුණ්ණෙත්වා

පූ.ක්‍රි. කුඩු කොට.

චුණ්ණෙති

(චුණ්ණ+ණෙ) අඹරා චූර්ණ කරයි; කුඩු කරයි; සුණු කරයි.

චුත

3. මළගිය; හුන් තත්වයෙන් ගිලිහී ගිය.

චුති

ඉ. ගිලිහී යාම; මරණය.

චුද්දස

3. තුදුස; දහ හතර.

චුදිත

3. චෝදනා ලැබූ; දොස් නගනු ලැබූ අය; විත්ති කාරයා.

චුදිතක

3. දොස් නගනු ලැබූ අය.
3. චෝදනා ලැබූ.
3. විත්ති කාරයා.

චුන්දකාර

පු. ලියන වඩුවා.

චුබුක

න. නිකට.

චුම්බට

න. ආධාරයට තබන කුඩා කොට්ටයක් වැනි දෙය; දරණුව.