බුද්ධදත්ත පාලි අකාරාදිය – 289

ඤාණ

න. දැනගැන්ම; නුවණ; ප්‍රඥාව.

ඤාණකරණ

3. දැනගැන්ම ඇති කරන.

ඤාණචක්ඛු

න. නුවණැස.

ඤාණජාල

න. නුවණ දැල.

ඤාණදස්සන

න. නුවණින් දැකීම; මාර්ගාවබෝධය.

ඤාණවිප්පයුත්ත

3. නුවණින් වෙන් වූ.

ඤාණසම්පයුත්ත

3. නුවණින් යුත්.

ඤාණී

3. නුවණැත්තා.

ඤාත

3. දන්නා ලද; ප්‍රකට.

ඤාතක

පු. නෑකම් ඇති; නෑයා.

ඤාති

පු. නෑකම් ඇති; නෑයා.

ඤාතිකථා

ඉ. නෑයන් පළිබඳ කථාව.

ඤාතිධම්ම

පු. නෑයන්ගේ යුතුකම.

ඤාතිපරිවට්ට

න. නෑපිරිස.

ඤාතිපෙත

පු. මළගිය නෑයා.

ඤාතිව්‍යසන

න. නෑයන්ට පැමිණි විපත.

ඤාතිසඞ්ගහ

පු. නෑයන්ට සංග්‍රහ කිරීම.

ඤාතිසඞ්ඝ

පු. නෑ සමූහය.

ඤාතිසාලොලිත

3. නෑකම හා ලේ නෑකම ඇත්තෝ.

ඤාපන

න. ඇඟවීම; දැනුම් දීම.

ඤාපෙත්වා

පූ.ක්‍රි. දන්වා; දැනුම් දෙවා.

ඤාපෙති

(ඤා+ණාපෙ) දැනුම් දෙයි; ප්‍රකාශ කරයි.

ඤාපෙතුං

නි. අවබෝධ කරවන්ට; දැනුම් දෙවන්ට.

ඤාය

පු. ආකාරය; න්‍යාය; පිළිවෙල; සත්‍ය මාර්ගය.