බුද්ධදත්ත පාලි අකාරාදිය – 306

තිලපිට්ඨ

න. තලපිටි.

තිලමුට්ඨි

පු. තල මිටක්.

තිලවාහ

කරත්තයක් බර තල.

තිලසංගුලිකා

ඉ. තල කැරලි; තල කැවිලි.

තිලිඞ්ගික

3. ලිඟුතුනෙහි යෙදෙන.

තිලොක

න. තුන්‍ ලොව.

තිවග්ග

න. තිදෙනගේ සමූහය.
3. කොටස් තුනක් ඇති.

තිවඞ්ගික

3. අවයව තුනක් ඇති; කොටස් තුනක් ඇති.

තිවස්සික

3. අවුරුදු තුනක් ගත වූ.

තිවිධ

3. තුන් ආකාර වූ.

තීර

න. ඉවුර.

තීරණ

න. තීන්දුව; නිශ්චය කිරීම.

තීරදස්සී

3. ඉවුර දකින්නා.

තීරිත

3. තීරණය කළ; නිශ්චයට පැමිණ වූ.

තීරෙත්වා

පූ.ක්‍රි. තීරණය කොට; විනිශ්චය කොට.

තීරෙති

(තීර+ණෙ) අවසන් කරයි; තීරණය කරයි; විනිශ්චය කරයි.

තීරෙතුං

නි. තීරණය කරන්ට.

තීහං

ක්‍රි.වි. තුන් දිනක්; තෙදිනක් මුළුල්ලේ.

තු

නි. නමුත්; වනාහි.

තුඞ්ග

3. උස් වූ; ‍උසස් වූ.

තුඞ්ගනාසික

3. උස් නහයක් ඇති.

තුච්ඡ

3. නිෂ්ඵල; හරයක් නැති; හිස් වූ.

තුජ්ජති

(තුද+ය) අණිනු ලැබේ; විදිනු ලැබේ.

තුට්ඨ

3. පැහැදුණු; සතුටු වූ.