බුද්ධදත්ත පාලි අකාරාදිය – 413

පතමාන

3. වැටෙන; වැටෙමින්.

පත්ත

න. කොළය; පත්‍රය; පියාපත; පිහාට්ට.
පු. න. පාත්‍රය; භාජනය.
3. අවබෝධ කළ; පැමිණි; ලැබූ.

පත්තක

න. කුඩා පාත්‍රය හෝ භාජනය.

පත්තක්ඛන්ධ

3. නමාගත් කඳ (=පිට) ඇති; නැමී බිම බලාගත්.

පත්තගත

3. පාත්‍රයෙහි ඇතුළත් දෙය.

පත්තගන්ධ

පු. කොළ සුවඳ.

පත්තගාහක

පු. අනුන්ගේ පාත්‍රය ගෙන යන්නා.

පත්තත්ථවිකා

ඉ. පාත්‍ර දමන පසුම්බිය.

පත්තපාණී

3. පාත්‍රය අතේ ඇත්තා.

පත්තපිණ්ඩික

3. එක් ‍භාජනයකින් පමණක් අනුභව කරන්නා.

පත්තබ්බ

3. පැමිණිය යුතු.

පත්තාධාර

පු. පාත්‍රයේ අඩිය.

පත්තානුමොදනා

ඉ. පින් අනුමෝදන් කරවීම.

පත්ති

ඉ. පාබල සෙනඟ; පැමිණීම; පින් අනුමෝදන් කරවීම.

පත්තික

3. කොටස් කාරයා; පයින් යන්නා; හවුල් ඇත්තා.

පත්තිදාන

න. පින්දීම.

පත්තුං

නි. පැමිණෙන්නට.

පත්තුණ්ණ

න. වස්ත්‍ර වර්ගයක්.

පත්ථ

පු. නැළියෙන් සතරෙන් කොටස; පන; විවේක ස්ථානය.

පත්ථට

3. පැතුරුණු.

පත්ථණ්ඩිල

න. ආශ්‍රමයේ මිදුල; පන්සලේ සකස්කළ පොළොව.

පත්ථයති

(ප+අත්ථ+ණය) පතයි; බලාපොරොත්තුවේ.

පත්ථයන්ත

3. පතන; පතමින්; බලාපොරොත්තුවෙමින්.

පත්ථයමාන

3. පතන; පතමින්; බලාපොරොත්තුවෙමින්.