බුද්ධදත්ත පාලි අකාරාදිය – 423

පභිජ්ජති

(ප+භිද+ය කර්ම) පළාගෙන මතුවේ; බි‍‍ඳේ.

පභිජ්ජන

න. බිඳී යාම; වෙන්වීම.

පභින්න

3. ප්‍රභේද ‍ගත හෙවත් විශේෂ විභාගයට පැමිණි; බිඳී ගිය; බිඳී මතු වූ.

පභූ

පු. අධිපතියා; ප්‍රභූවරයා; සමර්ථයා.

පභූති

3. ආදී කොට ඇති; ප්‍රමුඛ කොට ඇති.

පභූතික

3. ආදී කොට ඇති; ප්‍රමුඛ කොට ඇති.

පභෙද

3. ප්‍රභේද ඇති; වෙනස් ඇති; පු. ප්‍රභේදය; වෙන්වීම; වෙනස.

පභෙදන

න. කොටස් වෙන් කිරීම; බිඳ දැමීම; බිඳීම.

පමජ්ජති

(ප+මද+ය) අතගායි; දුශ්චරිතයන්හි යෙදේ; ප්‍රමාද වේ; පිරිමදියි.

පමජ්ජිත්වා

පූ.ක්‍රි. ප්‍රමාද වී; පිරිමැද.

පමජ්ජිතුං

නි. ප්‍රමාදවන්නට.

පමජ්ජිය

පූ.ක්‍රි. ප්‍රමාද වී; පිරිමැද.

පමත්ත

3. ප්‍රමාදයට පත්; පිරිහෙන ක්‍රියාවල යෙදුණු; මත් වූ.

පමත්තබන්ධු

පු. ප්‍රමාදවූවන්ගේ මිත්‍රයා; මාරයා.

පමථිත

3. මඬින ලද; මිරිකූ.

පමදවන

න. රජගෙය අවට උයන.

පමද්දති

(ප+මද්ද+අ) මඬියි; යටත් කරයි.

පමද්දන

න. මැඬීම; යටත්කිරීම.

පමද්දිත

3. මඬින ලද; යටත් කළ.

පමද්දිත්වා

පූ.ක්‍රි. මැඩ; යටත් කොට.

පමදා

ඉ. ස්ත්‍රිය.

පම්පක

පු. උණහපුළුවා.

පම්භ

න. ඇස්පිහාට්ට.

පමාණ

න. උසමහත ආදිය; ප්‍රමාණය; මැණීම; මිම්ම.