බුද්ධදත්ත පාලි අකාරාදිය – 456

පාචයති

(පච+ණය) දක්කයි; පදවයි; පැසවයි; පිසවයි; මෝරවයි.

පාචරිය

පු. ගුරුවරයාගේ ගුරුවරයා.

පාචාපෙති

(පච+ණාපෙ) පිසවයි; මෝරවයි.

පාචාපෙන්ත

3. පිසවන; පිසවමින්.

පාචාපෙන්න

3. පිසවන; මෝරවන.

පාචායති

(පච+ණාපය) පිසවයි; මෝරවයි.

පාචිකා

ඉ. පිසන්නී.

පාචීන

3. නැගෙනහිර පිළිබඳ.

පාචීනදිසා

ඉ. නැගෙනහිර දිශාව.

පාචීනමුඛ

3. නැගෙනහිර බලා සිටින.

පාචෙති

(පච+ණෙ) දක්කයි; පදවයි; පැසවයි; පිසවයි; මෝරවයි.

පාචෙන්ත

3. පිසවන; පිසවමින්.

පාජන

න. කෙවිට; දැක්කීම; පැදවීම.

පාජයමාන

3. දක්කමින්; පදවන.

පාජාපෙති

(ප+අජ+ණාපෙ) දක්කවයි; පදින්නට සලස්වයි.

පාජෙත්වා

පූ.ක්‍රි. දක්කා; පදවා.

පාජෙති

(ප+අජ+ණෙ) දක්කයි; පදවයි.

පාජෙතුං

නි. පදවන්නට.

පාජෙන්ත

3. දක්කමින්; පදවන.

පාටල

3. මදරතු පැහැති; පු. මදරතු පැහැය.

පාටලිපුත්ත

න. පැළලුප් නුවර.

පාටලී

ඉ. පළොල් ගස.

පාටව

පු. දක්ෂ බව.
න. දක්ෂ බව.

පාටිකංඛති

(පටි+ක්ඛි+ංඅ) කැමතිවේ; බලාපොරොත්තු වේ.