බුද්ධදත්ත පාලි අකාරාදිය – 482

පෙසිතුං

නි. පිටත් කරනට; යවන්ට.

පෙසීයති

(පෙසු+ඊ+ය) යවනු ලැබේ.

පෙසුඤ්ඤ

න. කේලම.

පෙසුණ

න. කේලම; කේලාම් කීම.

පෙසුණකාරක

3. කේලාම් කියන්නා.

පෙසුණික

3. කේලාම් කියන්නා.

පෙසෙතබ්බ

3. යැවිය යුතු වූ.

පෙසෙත්වා

පූ.ක්‍රි. පිටත් කොට; යවා.

පෙසෙති

(පෙසු+ණෙ) පණිවිඩ යවයි; පිටත් කරයි; යවයි.

පෙසෙතුං

නි. පිටත් කරනට; යවන්ට.

පෙසෙන්ත

3. යවන්නා; යවමින්.

පෙළා

ඉ. පැස; පෙට්ටිය.

පොංඛ

න. ඊතලයේ පස්සා කොණ.

පොක්ඛර

න. ඇත් සොඬයේ අග; නෙලුම් ගස; පියුම; වීණාවේ මැද කොටස.

පොක්ඛරණී

ඉ. පොකුණ.

පොක්ඛරතා

ඉ. යහපත් පෙනුම; සුන්දරත්වය.

පොක්ඛරපත්ත

න. නෙලුම් කොළය.

පොක්ඛරමධු

න. නෙලුම් රේණු මිශ්‍රවී සෑදෙන පැණි.

පොක්ඛරවස්ස

න. කැමැති කෙනකුන් පමණක් තෙමෙන සේ වසින වැස්ස; මල් වැස්ස.

පොටකී

ඉ. කාශානම් තෘණ වර්ගයක්; වැළුක් ගස.

පොටගල

පු. කාශානම් තෘණ වර්ගයක්; වැළුක් ගස.

පොඨන

එකට හැප්පීම; ගසාදැමීම; ගැසීම; තැලීම.

පොඨපාද

පු. බිනර මස.

පොඨිත

3. ගසන ලද; ගසා දැමූ; තළන ලද.