බුද්ධදත්ත පාලි අකාරාදිය – 508

භාතුක

පු. සොහොයුරා.

භානු

පු. ආලෝකය; සූර්යයා.

භානුමන්තු

3. එළිය ඇත්තා; සූර්යයා.

භායති

(භී+අ) භයවේ.

භායන්ත

3. භයවෙන; භයවෙමින්.

භායමාන

3. භයවෙන; භයවෙමින්.

භායාපෙති

(භී+ණාපෙ) භයකරවයි.

භායිත

3. භය වූ; භයටපත්.

භායිතබ්බ

3. භයවිය යුතු.

භායිත්වා

පූ.ක්‍රි. භයවී.

භායිතුං

නි. භයවන්නට.

භාර

පු. පැවරීම; බර; භාරවීම.

භාරනික්ඛෙපන

න. බර බහා තැබීම; බර බිම තැබීම.

භාරමොචන

න. බරෙන් නිදහස් කිරීම.

භාරවාහී

3. බර උසුළන්නා.

භාරවොරොපන

න. බර බිම තැබීම.
න. බර බහා තැබීම.

භාරහාර

3. බරගෙන යන්නා.

භාරික

3. පිරුණු; බර වූ; පු. බරගෙන යන්නා.

භාරිය

3. බරපතළවූ; බරැති; බැරෑරුම්.

භාව

පු. අදහස; වීම; ස්වභාවය.

භාවනා

ඉ. බෙහෙත් කැවීම.
ඉ. වැඩිකිරීම; වැඩීම.
ඉ. අනිත්‍යාදිය මෙනෙහි කිරීම.

භාවනානුයොග

පු. භාවනාවෙහි යෙදීම.

භාවනාමය

3. භාවනාවෙන් හටගත්.

භාවනාවිධාන

න. භාවනා පිළිවෙළ.