බුද්ධදත්ත පාලි අකාරාදිය – 507

භාගි

3. කොටස් කාරයා; ලබන්නා.

භාගිනෙය්‍ය

පු. බෑනා; සොහොයුරියගේ පුතා.

භාගිනෙය්‍යා

ඉ. ලේලි; සොහොයුරියගේ දූ.

භාගිය

3. කොටසට අයත්; සම්බන්ධ වූ.

භාගිරථි

ඉ. ගංගා මහා නදිය.

භාජක

3. බෙදන්නා.

භාජන

න. පිහිටීමට උපකාරවනදෙය; බෙදීම; ‍භාජනය; වෙන් කිරීම.

භාජනවිකති

ඉ. භාජන වර්ගය.

භාජයමාන

3. බෙදන; බෙදමින්.

භාජිත

3. බෙදන ලද; වෙන කළ.

භාජියති

(භාජ+ඊ+ය) බෙදනු ලැබේ.

භාජෙතබ්බ

3. බෙදිය යුතු.

භාජෙත්වා

පූ.ක්‍රි. බෙදා.

භාජෙති

(භාජ+ණෙ) බෙදයි; වෙන් කරයි.

භාජෙතු

පු. බෙදන්නා.

භාජෙතුං

නි. බෙද්නනට.

භාජෙන්ත

3. බෙදමින්.
3. බෙදන.

භාණක

පු. තාච්චිය; මහසැළිය; සඟිආදිය කට පාඩමෙන් කියන්නා.

භාණවාර

පු. අකුරු 8000 කින් පරිමිත කොටස; බණවර.

භාණ්ඩාගාර

න. බඩු ගබඩාව.

භාණී

3. කියන්නා.

භාති

(භා+අ) බබළයි.

භාතික

පු. සොහොයුරා.

භාතු

පු. සොහොයුරා.