බුද්ධදත්ත පාලි අකාරාදිය – 550
මොචන
න. නිදහස් කිරීම; පිටකිරීම; මිදීම; මුදාහැරීම.
මොචය
3. මුදාහැරිය හැකි.
මොචාපන
න. නිදහස් කරවීම; පිටකරවීම.
මොචාපෙත්වා
පූ.ක්රි. නිදහස් කරවා; මුදන්ට සලස්වා.
මොචාපෙති
නිදහස් කරවයි; මුදන්නට සලස්වයි.
මොචිය
3. මුදාහැරිය හැකි.
මොචෙත්වා
පූ.ක්රි. නිදහස් කොට; මුදා.
මොචෙති
(මුච+ණෙ) අත්හරියි; නිදහස් කරයි; පිට කරයි; මුදයි.
මොචෙතු
පු. පිට කරන්නා; මුදන්නා.
මොචෙතුං
නි. මුදන්ට.
මොදක
පු. අග්ගලාව.
මොදති
(මුද+අ) සතුටු වේ.
මොදන
න. මිශ්ර කිරීම; සතුටු වීම.
මොදන්ත
3. සතුටු වෙමින්; සතුටුවෙන.
මොදනා
ඉ. මිශ්ර කිරීම; සතුටු වීම.
මොදමාන
3. සතුටුවෙන; සතුටුවෙමින්.
මොදිත
3. සතුටු වීම.
මොදිත්වා
පූ.ක්රි. සතුටු වී.
මොදිතුං
නි. සතුටු වන්නට.
මොදිය
පූ.ක්රි. සතුටු වී.
මොන
න. නිශ්ශබ්ද බව; නුවණ; මාර්ගඥානය.
මොනෙය්ය
න. උසස් හික්මීම; මුනිභාවය.
මොමුහ
3. මොහයෙන් මුළා වූ; පු. අඥානයා.
මොර
පු. මොනරා.